සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර පිළිකා රෝහලේ ඉදිකිරීම් 2018 පෙර අවසන් කිරීමට ඇමැතිගෙන් උපදෙස්

    අගෝස්තු 07, 2017
    මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන මහල් 12 කින් යුත් නව පිළිකා රෝහලේ ඉදිකිරීම් කටයුතු 2018 වසරේ අවසන් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉදිකිරීම් සමාගමට දැනුම් දෙන ලදි. 
     
    එම රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ව සොයාබැලිම සඳහා මහනුවර මහ රෝහලට පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම දැනුම්දීම සිදු කරන ලද අතර, එහි ඉදිකිරිම් කටයුතු කඩිනම් කරන ලෙස ද නියෝග කරන ලදි. 
     
    රෝහලට අවශ්‍ය උපකරණ ඇණවුම් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශ නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නේය. ඇදන් 380 කින්  යුත් මෙම රෝහලේ රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට ද නියමිතය. ඉදිරියේ දී බෝනොවන රෝග අවධානම ඉහළයාම හේතුවෙන් ඒ සඳහා සුදානම්වීමේ අරමුණින් මෙම රෝහල ඉදිකරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya