සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරිත දිග පවතින වැසි තත්ත්වයෙන් වැඩිවීමක්

    අගෝස්තු 07, 2017
    දිවයිනේ නිරත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වයෙන් තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පැවතිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    එමෙන් ම දිවයිනේ දකුණු අර්ධය හරහා සහ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍ර දේශවලත් සුළගේ වේගය වැඩිවීමේ හැකිවක් ද පවතී.
     
    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ද ඇති වේ.
     
    ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකත් පස්වරු 2.00න් පසු ව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකිය.
     
    රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 75ට වැඩි තද වැසි ද බලාපොරොත්තු විය හැකිය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya