සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැඩි නියගයෙන්හේ මිරිදිය ධීවර කර්මාන්තයට බලපෑම් - අමාත්‍ය මහින්ද අමරවීර

    අගෝස්තු 04, 2017
    වර්තමානයේ දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන වියළි කාලගුණය මත්ස්‍ය සම්පත් රැක ගැනීමට මෙන්ම ධීවර කර්මාන්තයටද මහත් බලපෑමක් එල්ල කර ඇතැයි කී අමාත්‍යවරයා ඇතැම් ජලාශ සම්පුර්ණයෙන්ම සිදී යාම නිසා එහි වු මත්ස්‍ය සම්පත් මුළුමනින්ම විනාශ ව ගොස් ඇතැයි ද, ජලාශ පිරි ගිය පසු නැවතත් එම ජලාශවලට මත්ස්‍ය සම්පත් මුදා හැරීමට පියවර ගන්නා බවත් කීය.
     
    දැනට නියගය බලපැවැත්වෙන දිස්ත්‍රික්කවල තිබෙන විශාල ජලාශවල ධීවර කර්මාන්තය සිදු කෙරෙන අතර කුඩා ජලාශ බොහෝමයක් සිදී ගොස් තිබේ. ජලාශවල මත්ස්‍ය පැටවුන් මුදාහැරීමට අමතරව ධීවර ප්‍රජාව කොටු ක්‍රමයට මසුන් වගා කිරීමට හුරු කරවීම සඳහා පියවර ගන්නා බවත් ඊට ඉදිරිපත් වන ධීවරයින් සඳහා මුල්‍ය ප්‍රතිපාදන හා තාක්ෂණ ප්‍රතිපාදන ලබා දීමට සුදානම් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.
     
    මෙවර නියං සමය අන් කවර කළකටත් වඩා දැඩි බලපෑමක් එල්ල කර තිබේ. කන්න පහකට ආසන්න කාලයක් නිසි පරිදි වර්ෂාව ලැබී නැත. එමනිසා ඇතැම් වැව් මුළුමනින්ම පාහේ සිදී ගොස් තිබේ. මෙම ජලාශවල ධීවර කර්මාන්තයේ යෙදී සිටි ධීවර ප්‍රජාවගේ දෛනික ආදායම් පවා අහිමි වි ගොස් ඇති බවද, ඔවුන් සම්බන්ධයෙන් රජයට කරුණු ඉදිරිපත් කර කිසියම් සහනයක් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැති ධීවර ප්‍රජාවගේ ගැටළු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ධීවර ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් සහභාගි වු අතර, අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අදිකාරි මහත්මිය ද සහභාගි වුහ.
     
    රජය විසින් පසුගිය දෙවසර තුළ විශාල මුදලක් ධීවර සංවර්ධනය සඳහා වැය කර තිබේ. විශේෂයෙන් ධීවර සුබසාධනයට මෙන්ම ඔවුන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙල හේතුවෙන් මේ වනවිට මිරිදිය ධීවර කර්මාන්තය ආශ්‍රිතව ජීවිකාව පවත්වාගෙන ධීවර ප්‍රජාවගේ මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා තිබේ. එයට හේතුව නම් ජලාශ ආශ්‍රිතව මත්ස්‍ය වගාව නැංවීම සඳහා මත්ස්‍ය පැටවුන් බහුල ලෙස මුදා හැරීමත්, මත්ස්‍ය සම්පත් නෙලා ගැනීමේ දි ක්‍රමාණුකූලව එම කටයුතු පවත්වාගෙන යාමට ධීවර ප්‍රජාව මනාව දැනුම්වත් වීම ද බව අමාත්‍යවරයා මෙහිදී කීය.
     
    පසුගිය රජය සමයේ නව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදි නොකිරීම හේතුවෙන් ජලාශවලට මුදාහරින මත්ස්‍ය පැටවුන් ප්‍රමාණය වාර්ෂික මිලියන 20ක් විය. නමුත් එය මේ වනවිට මිලියන 80 දක්වා ඉහළ ගොස් තිබේ. 2019 වන විට එය මිලියන 100 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය නව මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන රැසක්ද මේ වනවිට ඉදි කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya