සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර ජල ව්‍යාපෘතියේ 4 වැනි අදියර හෙට ඇරඹේ

    අගෝස්තු 04, 2017
     
    නිල්වලා ගඟ ජල මූලාශ‍්‍රය කර ගනිමින් යෝජිත මාතර ජල සම්පාදන ව්‍යාපෘතියේ හතරවන අදියර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (06) ආරම්භ කෙරේ.
     
    මේ හරහා මාතර, තංගල්ල, තිහගොඩ, දෙවිනුවර, දික්වැල්ල, වැලිගම, වැලිපිටිය, මාලිම්බඩ, කඹුරුපිටිය, කිරින්ද, අතුරලිය, බෙලිඅත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 12 ක පිහිටි ග‍්‍රාම නිලධාරී වසම් 372 ක් ආවරණයවේ.
     
    භූගත ටැංකි 06 ක්, ජල කුඵණු 04 ක්, ලවන බාධකයක් සහ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඇතුලත් මෙම යෝජිත ජල ව්‍යාපෘතිය, රුපියල් මිලියන 18,208 ක පිරිවැයෙන් අවුරුදු 3 ක කාලය තුල සම්පුර්ණ කිරීමට නියමිතය. දිනකට ඝන මීටර් 60,000 ක ධාරිතාවයකින් යුත් මෙම ජල ව්‍යාපෘතියෙන් 2,85000 ක ජනතාවකට පිරිසිදු පානීය ජලය සැපයීමට හැකිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya