සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිරි දළදා සමිදුන්ට පිදෙන පාරිසරික සත්කාර වැඩසටහන

    අගෝස්තු 03, 2017
    මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව මධ්‍යම පරිපසර අධිකාරිය මගින් වාර්ෂිකව පවත්වනු ලබන සිරි දළදා සමිඳුන්ට පිදෙන පාරිසරික සත්කාරය වැඩසටහනේ සමාප්ති උළෙල 07දා පෙ.ව. 8.30 ට මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිතය.  
     
    පෙරහැර කාල සීමාව තුළ පෙරහැර නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන බැතිමතුන් උදෙසා මධ්‍යම පරිසර අධිකාරිය මගින් මෙම වැඩසටහන වර්ෂිකව සංවිධනය කරයි. 
     
    ඒ අනුව දළදා පෙරහැර පවත්වන කාල සීමාවේ පරිසරය රැක ගැනීමේ වැදගත්කම සහ පරිසරය ආරක්ෂා කර ගැනීම අරමුණු කොට ගනිමින් පාසල් නියමු භටයන්ගේද සහාය ඇතිව මධ්‍යම පරිසර අධිකාරිය මඟින් වැඩසටහන් රැසක් දියත් කරයි. ශ්‍රමදාන පවත්වමින් පරිසරය පිරිසිදු කිරීම, වීදි නාට්‍ය, අත් පත්‍රිකා සහ ශබ්ද විකාශන යොදා ගෙන පෙරහැර නැරඹීමට පැමිණෙන පුද්ගලයන් දැනුවත් කිරීම ඇතුළු තවත් පාරිසරික ක්‍රියාකාරකම් රැසක් මෙම වැඩසටහන යටතේ සිදු කරනු ලැබේ.
     
    මෙම උත්සවයේ දී පරිසරය රැක ගැනීමේ අරමුණින් මෙම වැඩසටහනට දායකත්වය දැක්වූ පාසල් නියමු භටයින් සහ ගුරුවරුන් සිදු කළ මෙම සේවය ඇගයීම සිදු කෙරේ.   
     
    මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සහ මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වීමට නියමිතය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya