සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ පාරිභෝගික සේවා වැටලීම්වලින් 14කට නඩු

    අගෝස්තු 03, 2017
    පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් ගම්පහ සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශයන්හි පසුගියදා සිදු කළ වැටලීම්වලදී ඔසුසල්, සිල්ලර වෙළෙඳසල්, ආපනශාලා සහ බේකරි ඇතුළු ස්ථාන 14කට මීගමුව සහ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයන් හි නඩු පැවරීමට පියවර ගත් බව පාරිභෝගික සේවා අධිකාරියෙහි ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
     
    මෙහිදී ගම්පහ නගරය ආශ්‍රිතව ඔසුසල් තුනක කල් ඉකුත් වූ ඖෂධ තිබී ඇති අතර සෙසු වෙළෙඳසල් හි කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, වැඩි මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවිය සහ මිල ප්‍රදර්ශනය නොකිරීම වැනි හේතුන් මත මෙසේ නඩු පැවරීමට පියවර ගෙන ඇත. වැඩි මිලට සහ මිල ප්‍රදර්ශනය නොකිරීම වැනි තත්ත්වයන් යටතේ භාණ්ඩ අලෙවි කරන බවට ලැබෙන තොරතුරු මත ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කොට ඇත. 
     
    පාරිභෝගිකයන්ට හානි කර අයුරින් වෙළෙඳාම් කරන වෙළෙඳුන් සිටී නම් ඒ පිළිබඳ ව දුරකතන අංක 033 -7554455  වෙත දැනුම් දෙන ලෙසත් දිස්ත්‍රික් විමර්ශන ප්‍රධානී කළුතරආරච්චි මහතා විසින් පාරිභෝගිකයන් වෙත දැනුම් දීමක් ද කරන ලදී.
     
    මේ වැටලීම් සඳහා විමර්ශන ප්‍රධානියාගේ මෙහෙයවීම මත විමර්ශන නිලධාරීන් වන ඒ.ඩී. අධිකාරී, සහන් යාපාරත්න, අසංක නන්එදිරි, හේමන්ත ගුණසිංහ, චතුර හේරත්,  අයි. එච්. හෝමපොල, ඩී.එම්. කරුණාරත්න, එච්. කළුබෝවිල, එච්.කේ. රවිඳු සහ වී.ඒ.ජේ. සුරංග යන නිලධාරීන් සහභාගි වී ඇත.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya