සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර රජයේ ඉඩම්වල පදිංචිකරුවන්ගේ ගැටලු සොයා බලයි

    අගෝස්තු 03, 2017
    රත්නපුර, කිරිඇල්ල සහ කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප‍්‍රදේශයේ රජයේ ඉඩම්වල දීර්ඝ කාලයක් ජීවත්වන පදිංචිකරුවන් මුහුණපාන ගැටළු හා ඊට විසදුම් යෝජනා කිරීමේ මූලික සාකච්ඡාවක් ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
     
    රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. ඒ. විජේතුංග මහතාගේ ඉල්ලීම පරිදි පැවැත් වූ මෙම සාකච්ඡාවේ දී එම ප‍්‍රදේශවලට ගොස් එම ජනතාව හමු වී අදහස් ලබා ගෙන ගැටළු නිරාකරණය කිරීමට තීරණය විය. ඒ අනුව අගෝස්තු 06දා පෙරවරු 09.00 ට රත්නපුර මිහිදු විද්‍යාලයේ දී සහ එදින පස්වරු 02.00 ට කුරුවිට කටුතියඹරාව විහාරස්ථානයේ දී ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල ජීවත්වන පදිංචිකරුවන් හමුවීමට නියමිතය.
     
    මෙම අවස්ථාවට රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. ඒ. විජේතුංග, ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දයාරත්න, ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් සහ ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුබසිංහ ආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රත්නපුර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතය.  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya