සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසළ පෙරහැර ශිල්පීන් ඇගයීම ජනපති ප්‍රධානත්වයෙන්

    අගෝස්තු 02, 2017
    ඇසළ පෙරහර කලාකරුවන් ඇගයීම 08දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී  පැවැත්වීමට කටයුතු සංවිධානය කොට තිබේ.
     
    මෙහිදී පෙරහරේ අති විශිෂ්ඨ ශිල්පීන් පස් දෙනෙක් සඳහා ජීවිතයේ එක් වරකට පමණක් පිරි නැමෙන විශේෂ සම්මාන සහ ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇති අතර, ඇසළ පෙරහරට අඛණ්ඩව සහභාගී වන වයෝවෘද්ධ විශිෂ්ඨ ශිල්පීන් දස දෙනෙක් සඳහා ද ජනාධිපතිතුමන් අතින් සම්මාන ලබාදීමට නියමිතය.
     
    මීට අමතරව විවිධ කලා ඉසව් යටතේ දස්කම් දැක්වූ විශිෂ්ඨ ශිල්පීන් 50 ‍දෙනෙක් වෙත සම්මාන පිරි නැමීමටද නියමිතව ඇති අතර, කුසලතා පූර්ණ කලා ශිල්පීන් ලෙස හඳුනා ගනු ලබන ශිල්පීන් 50 දෙනෙකුටද සම්මාන සහ ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
     
    මෙම සම්මානවලට අමතරව පෙරහරේ ගමන් ගන්නා දක්ෂතම නර්තන කණ්ඩායම් 20 ක් තෝරා ඒ සඳහාද සම්මාන සහ සහතිකපත් ඇතුළු ත්‍යාග පිරි නැමීමට සියළු කටයුතු යොදා ඇති අතර, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින්ද දළදා මාළිගාවේ පෙරහරේ ගමන් කරන දක්ෂතම ශිල්පීන් 25 දෙනෙක් වෙත ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ. 
     
    පෙරහැරේ ශිල්පීන් සඳහා ලබා දෙන ත්‍යාග සහ සම්මාන සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, පෙරහැර භාරය සහ පෙරහැර නැරඹීමට පැමිණෙන පුද්ගලයන් සඳහා ආසන පහසුකම් සපයන ආයතන විසින් අනුග්‍රාහක දායකත්වය සපයා තිබේ.
     
    ප්‍රවීන විනිසුරු මඩුල්ලක් විසින් මෙම ශිල්පීන් තේරීමේ කටයුතු සිදු කරනු ලබන අතර, සෑම රන්දෝලි පෙරහරක්ම ආවරණය කරමින් මෙම විනිශ්චයන් ලබා දෙනු ලැබේ. සම්මාන සහ සහතිකපත්වලට අමතරව මූල්‍යමය ත්‍යාග පිරිනැමීමටද මෙවර පෙරහර භාරය කටයුතු යොදා ඇත. 
     
    මීට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මහනුවර ශ්‍රි දළදා මාලිගා‍ව ඇතුළු දේවාලවල සංවර්ධන කටයුතු සඳහා මිලියන පහකට වැඩි මුදලක් ලබා දීමේ කටයුතු ද ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පෙරහැර සමාප්ති උත්සවයේදි සිදු කිරීමට නියමිතය.
     
    ජනාධිපති ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ගගවට කෝරලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පෙරහර භාරය සමග එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya