සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයන්ට සීමා කෙරේ

    අගෝස්තු 02, 2017
    විල්පත්තු ජාතික උද්‍යානය තුළට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය යටතේ සංචාරක කටයුතු පවත්වාගෙන යාමෙන් වනසතුන්ගේ පැවැත්වම තර්ජනයට ලක්වීම වළක්වාගැනීමේ අරමුණින් පෙරවරු 6.00 සිට පෙරවරු 11.30දක්වා පමණක් විල්පත්තු ජාතික උද්‍යානය සංචාරකයින් සඳහා විවෘත තැබීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    එමෙන් ම ප්‍රවේශපත්‍ර කවුළුව පෙරවරු 6.00 සිට පෙරවරු 8.00දක්වා පමණක් විවෘත ව තැබෙන අතර උද්‍යාන මූලස්ථානයට පැමිණෙන අනුපිළිවෙළට සංචාරකයින් සඳහා උද්‍යාන බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කොට ඇති අතර ම දිනකට උද්‍යානය තුළට ප්‍රවේශ වීමට උපරිම වශයෙන් බලපත්‍ර 30ක් පමණක් නිකුත් කිරීමට ද එම දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත.
     
    උද්‍යානය සඳහා සංචාරයින්ට ඇතුළුවීමට අවසර ලබාදෙන්නේ ද හුණුවිලගම පිහිටි ප්‍රධාන පිවිසුමනේ පමණි.
     
    විල්පත්තු ජාතික උද්‍යානයට බලපෑ ඇති දැඩි නියං තත්ත්වය යටතේ වනසතුන්ගේ පැවැත්මට ඇති අහිතකර බලපෑම සැලකිල්ලට ගෙන මෙම සීමාකිරීම් සිදු කරන අතර ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් මහජනතාවගෙන් උද්‍යාන කාර්ය මණ්ඩලය ඉල්ලා සිටී. 
     
    පවතින අයහපත් කාලගුණ තත්ත්වය යටතේ ඊයේ (01) සිට නැවත දැනුම්දෙන තුරු සංචාරකයන් සඳහා වනෝද්‍යානය වසා තැබීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කළේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya