සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය සතු ඉඩම්වල ජීවත්වූ ජනතාවට හිමිකම් ඔප්පු

    අගෝස්තු 02, 2017
    රජය සතු ඉඩම්වල දීර්ඝ කාලයක් පුරා ජීවත් වූ ජනතාවට ඔවුන්ගේ හිමිකමට කඩිනමින් ඔප්පු ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල ජීවත් වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් 155 කට පමණ හිමිකම් ඔප්පු ලබා දීම වෙනුවෙන් ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    වසර ගණනාවක් මෙම ඉඩම් භුක්ති විඳලා තිබුණ ද නීත්‍යානුකූල ඔප්පුවක් නොතිබුණු අතර එබැවින් ඔප්පු හිමියන්ට මෙම දිනය වැදගත් දිනයක් වන බවත් අද 155 ක පමණ පිරිසකගේ බලාපොරොත්තු සඵල වූ අතර ම දිවයින පුරා ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් භුක්තිවිඳින දහස් ගණන් ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමට අවශ්‍ය පියවර අපි අරගෙන තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    අධිවේගී මාර්ග පද්ධතිය රට පුරා ඉදි කිරීම රජය ආරම්භ කරලා තියෙනවා. මේ නිසා ප‍්‍රධාන නගර සමීප වෙනවා. භූමියේ අවශ්‍යතාවය වැඩි වෙනවා. ඉඩම මනුෂ්‍යයන්ට ඉතාමත් වටිනා දෙයක්. ඔවුන් මේ මගේ පුතා, මේ මගේ දුව, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා පෙන්නනවා වගේ තමයි මේ මගේ ඉඩම් කෑල්ල කියලා අභිමානයෙන් කතා කරන්නේ. හැබැයි සමහර වෙලාවට සමහරුන්ට දෙමවිපියන්ටත් වඩා ඉඩම් වටින බව අපි සමාජයෙන් දැකලා තියෙනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය
     
    මෙම අවස්ථාවට ඛණිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය අර්ජුන රණතුංග, ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් ජයලත්, ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති සම්පත් සුබසිංහ ආරචිචි යන මහත්වරු සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya