සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළදා මාළිගාවේ ඇත් පංතියට නව ඇත් ගාලක්

    අගෝස්තු 01, 2017

    ලංකාවේ අලි ගහනය වදවී ගෙන යන බවට ඇතමුන් දක්වන අදහස් සාවද්‍ය බවත්, 1991 සිට 2007 දක්වා කාලය තුල ලංකාවේ අලි ගහනය දෙගුණ වී ඇති බවත් මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඒ අනුව මේ වන විට ලංකාවේ වන අලි 7,000ක් පමණ සිටින බව සමීක්ෂණවලින් හෙලි වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (31) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඇත් පන්තිය වෙනුවෙන් ඉදි කළ ඇත් ගාල විවෘත  කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙරට ජනයා අතීතයේ සිටම අලි ඇතුන් හීලෑ කිරීමට දක්ෂ බවත් අපගේ පැරණි සංස්කෘතික උරුමයන් අනුව හේන සහ වැව පදනම් කරගෙන මෙවැනි හැකියාවන් වර්ධනය වු බවයි. මිනිසා වඩාත් සමිප සතුන් අතරින් අලි ඇතුන්ට විශේෂ ස්ථානයක් හිමි වන බව පැවසූ අමාත්‍යවරයා මිනිසාගේ දැනුමට පමනක් දෙවනි දැනුමක් අලි ඇතුන් සතු බවත් පෙන්වා දුන්නේය. අප්‍රිකානු රටවල අලි ඇතුන්ගේ මස්. ඇත් දළ. ගජමුතු,  ප්‍රසිද්ධියේ විකුණන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඊට සාපේක්ෂව අපේ රටේ අලි ඇතුන්ට දක්වන ගෞරවය ඉතා ඉහල බවත් වැඩිදුරටත් පැවසීය.


    මිලියන 70ක මුදලක් වැය කොට දළදා මාළිගාවේ ඉදිකරනු ලැබූ මෙම ඇත් ගාල තුළ අලි ඇතුන් 12 දෙනෙකු ගාල් කොට තැබීමේ පහසුකම තිබේ. මෙතෙක් දළදා මාළිගාවේ  අලි ඇතුන් ගාල් කිරීම සදහා ආරක්ෂිත ඇත් ගාලක් නොවුයෙන් අලි ඇතුන් විවිධ අනතුරුවලටද මුහුණ දුන් අවස්ථා තිබුනි. පෙරහැර අලංකාරවත් කිරීමට එක් වන අලි ඇතුන් සඳහා සියලු පහසුකම්වලින් සමන්විත ඇත් ගාලක් ඉදිකිරීම එක් අතකින් එම සතුන් වෙනුවෙන් කරන යුතුකමක් සහ කලගුණ සැලකීමක් බව මෙහිදි අදහස් දැක්වූ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙන්වා දුන්නේය.

    මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක සහ මධ්‍යම මළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් පිරිසක් සහභාගී වූහ.

     

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya