සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලගුණික දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමට ඇමරිකාවේ සහයෝගය

    ජූලි 29, 2017
    ශ්‍රී ලංකාවේ මෑත කාලය තුළ දක්නට ලැබෙන කාලගුණික වෙනස්කම් නිසා රටේ අභ්‍යන්තර කටයුතුවලට මහත් බලපෑමක් එල්ල වී තිබේ. විශේෂයෙන් මෝසම් කාලගුණික රටාවන් හි සිදුව ඇති වෙනස්කම් මෙහිදී වඩා වැදගත් වේ. මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්තු මාසයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ නොට්‍රිඩේම් විශ්ව විද්‍යාලය University of Notre Dame, USA සමග ගිවිසුමකට එළඹුනු අතර ශ්‍රී ලංකාවේ කාලගුණික බලපෑම් නිසා සිදුවන මානව ආපදාවන් කළමණාකරනය කර ගැනීම සඳහා සහයෝගය ලබා දෙන ලෙස එම විශ්ව විද්‍යාලයෙන් ඉල්ලීමක් කළේය.
     
    ඒ අනුව එම විශ්ව විද්‍යාලය විසින් Monsoon Intra-Seasonal Oscillation-අන්තර් මෝසම් උච්චාවචනය නමින් ව්‍යාපෘතියක් අප රට තුළ ක්‍රියාත්මක කිරීමට එකගතාවය පළ කර ඇත. එම ව්‍යාපෘතියට අනුව අප රටේ වර්ෂාපතනය, උෂ්ණත්ව වෙනස්වීම්, ආර්ද්‍රතාව, සුළං හැමීම, සාගරයේ උණුසුම් හා ශීත දියවැල් ගලායාමේ දිසාවන් හා වේගයන් ඇතුළු සමස්ත කාලගුණ වෙනස්කම්වලට බලපාන සියලු කරුණු සම්බන්ධයෙන් පුර්ව අනාවැකි පළ කළ හැකි පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.
     
    මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා ධීවර අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට නොට්‍රිඩේම් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හර්න්ද්‍ර ජේ. එස්. ප්‍රනාන්දු මහතා මෙම ව්‍යාපෘතිය බාරව කටයුතු කරයි. නාරා ආයතනය සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.
     
    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී විශේෂ ගුවන් යානයක් යොදා ගන්නා අතර එහි සවිකර ඇති උපකරණ මගින් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කෙරේ. ඒ අනුව අදාල උපාංග ස්ථානගත කිරීමට පියවර ගැනේ. එමෙන්ම මෙම උපකරණ මගින් මුහුදු  මට්ටමේ සිට කිලෝමීටර් 10ක් දක්වා උෂ්ණත්වයද, මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 02ක් දක්වා සුළගේ වේගයද නිරීක්ෂණයට ලක් කරයි. ඒ හැර මුහුදේ දියවැල් යනාදි සියලු කාරණා සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ.
     
    විශේෂයෙන් මේ වනවිට අප රටට බරපතල ආපදාවන් ගෙන එන වර්ෂාව එක්වර විශාල ලෙස ඇදහැලීම නිසා උද්ගතවන ආපදා තත්ත්වයන් පාලනය කිරීම සඳහා, ලැබෙන වර්ෂාපතන අගයන් සහ  නිශ්චිතවම අදාල ප්‍රදේශ මොනවාද?  යන්න පැවසීමට හැකිවීමත් මෙහි විශේෂත්වයකි. ඒ අනුවජනතාව ඊට  කල් තබා මුහුණ දීමට සුදානම් කිරිමට හැකිවෙයි.
     
    දැනට අප රට සතුව එවැනි තාක්ෂණයක් නොමැති හෙයින් පසුගිය කාලය තුළ ස්වාභාවික ආපදා නිසා ජනතාවට බරපතල හානිදායක තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වු බව කී අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය වශයෙන් ලබා දිය හැකි සියලු සහාය ලබා දෙන බව ප්‍රකාශ කළේය.
     
    2018 ඇරඹෙන මෙම ව්‍යාපෘතිය වසර දෙකකින් අවසන් කෙරේ.මෙම සාකච්ඡාවට නාවික හමුදාව, නාරා ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල නිලධාහු සහභාගි වුහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya