සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්ය කෝෂ නිපදවීමේ තාක්ෂණය හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සුදානම්

    ජූලි 29, 2017
    ශ්‍රී ලංකාව තුළ ඉතා නුදුරු අනාගතයේදී,නව තාක්ෂණික ක්‍රමවේදයන් මත පදනම් වූ තුනී පටල මත පදනම් වු සූර්ය කෝෂ හා පැනල දේශීයව නිෂ්පාදනය කිරීම සහ සූර්ය කෝෂ තාක්ෂණය පිළිබඳ නිපුණතා සහිත පුද්ගල කණ්ඩායමක් පුහුණු කිරීම අරමුණු කරගනිමින් රුහුණ, යාපනය, කැලණිය යන විශ්වවිද්‍යාලවල ජාතික සූර්ය කෝෂව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා වන අරමුදල් ලබා ගැනීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් සම්මත කොට ගෙන ඇත.
     
    එම ව්‍යාපෘතියේ ඉදිරි පර්යේෂණ හා සංවර්ධන අදියරේදී සහ නිෂ්පාදන අදියරේදී භාවිතයට ගැනෙන රසායනිකයන්හි පාරිසරික සහ විෂ ලක්ෂණයන් පිළිබඳ මනා දැනුමැති ශ්‍රී ලාංකික විශේෂඥයෙකුදමේ දිනවල චීනයෙහි නිල සංචාරයෙහි යෙදී තිබේ. ජූලි 24, 25 යන දිනයන්හිදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ‍ප්‍රේමජයන්ත මහතා සහ ජාතික විද්‍යා පදනමේ මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු සහ ජාතික මූලික අධ්‍යන ආයතනයේ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, ඉංජිනේරු අංජුලා ශිවකුමාර් යන  නිලධාරීන් චීනයේ හැන්ග්සුහි පිහිටා ඇති Advanced Solar Power (ASP) යනු මේ හා සමාන සූර්ය කෝෂ /පැනල වාණිජ මට්ටමින් නිෂ්පාදනය කෙරෙන ස්ථානයෙහි නිරීක්ෂණ චාරිකාවෙහි යෙදිණ.
     
    මෙම චාරිකාවට සමගාමීව එරටින් ලැබෙන තොරතුරු අනුව ඉතා නුදුරේදීම පුනර්ජනනීය බලශක්තිය යටතේ වාණිජ මට්ටමින් සූර්යකෝෂ නිපදවීමේ තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් ගනු ලබන ක්‍රියාමාර්ග මගින් එම ක්ෂේත්‍රයෙහි විශාල පෙරළියක් සිදුවනු ඇති බවට තොරතුරු ප්‍රකාශ වෙමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya