සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දීප ව්‍යාප්ත පාසල් ඩෙංගු මර්දන පවිත්‍රතා වැඩසටහන ඇරඹේ

    ජූලි 29, 2017
    දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන වැඩසටහන  ඊයේ (28) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ විය.
     
    ඊයේ, අද (29) සහ හෙට (30) යන තෙදින තුළ ඩෙංගු මර්දන විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් දිවයිනේ සෑම පාසලක ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
     
    ඒ අනුව, පාසල් දරුවන්, ආදි ශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වය ද ඇතිව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාගනිමින් මෙම වැඩසටහන සියලු පාසල් තුළ ක්‍රියාත්මක කර තිබේ. ඊට අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලීම මත ත්‍රිවිධ හමුදාව,පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වයද ලබා දී තිබුණි.
     
    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා නිරන්තරයෙන් තම අවට පරිසරය පවිත්‍රව තබාගැනීම සඳහා කටයුතු කිරීම පාසල් දරුවන් ඇතුලු සියලු පුරවැසියන්ගේ ජීවන පුරුද්දක් වශයෙන් පැවතිය යුත්තක් බව අවධාරණය කළේය. පාසල්වල ජලය රැඳෙන ස්ථාන පිළිසකර කිරීමට අවශ්‍ය පියවර ගැනීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මැසි මදුරුවන් බෝ නොවීම සඳහාත් පාසල් පරිශ්‍ර පරිසර හිතකාමී ප්‍රියජනක ස්ථාන ලෙස සකස් කිරීමටත් විශේෂ වැඩසටහනක් අරඹා ඇති බවද සිහිපත් කළේය. ඒ අනුව ප්‍රදේශයේ පවතින භූ විෂමතාවයන්ද සැලකිල්ලට ගනිමින් ප්‍රධාන සැලසුමකට (Master plan) අනුව සියලු ඉදිකිරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පාසල් දරු දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක මෙම පාසල් පවිත්‍රතා වැඩසටහනට සහයට දැක් වූ සියලු දෙනාට අමාත්‍යවරයා මෙහිදී සිය ස්තුතිය ද පලකරන ලදී.
     
    එමෙන්ම මීට සමගාමීව පාසල් නිවාඩු කාළයේ සෑම ඉරිදා දිනකදී ම පාසල් පිරිසුදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසටද නිලධාරීන්ට දැනුම් දී ඇති අතර තෙවන වාරය සඳහා පාසල් ආරම්භ කිරීමට පෙර දිනයේ ද විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya