සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙහිඕවිට මව් සායන මධ්‍යස්ථානය ජනතා අයිතියට

    ජූලි 29, 2017
    සබරගමුව පළාත් සභාව මගින් දෙහිඕවිට නගරය ආශ්‍රිත ව ඉදිකළ මව් සායන මධ්‍යස්ථානය සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනතා අයිතියට පවරනු ලැබිය.
     
    මේ සඳහා සබරගමු පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 150 ක් වැය කර ඇත. දෙහිඕවිට මව් සායන මධ්‍යස්ථානය මීට පෙර පවත්වාගෙන යනු ලැබුවේ පෙර පාසල් ගොඩනැගිල්ලක ය.
     
    සියලු පහසුකම් සහිතව ඉදිකළ දෙහිඕවිට මව් සායන මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ පවුල් ඒකක 2500 කට සෙත සැලසේ.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත්‍රපාල, පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය තුසිතා විජේමාන්න, පළාත් සභා මන්ත්‍රීවරුන් වන වත්සලා ජනාදරි පද්මසිරි, නිහාල්  ෆාරුක්, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්.බී.එස්.එන්. කුමාරගේ සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කපිල කන්නන්ගර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya