සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ටූනා මාළු කිලෝවකට ජපානයේ ඉහළ මිලක්

    ජූලි 29, 2017
    ශ්‍රී ලංකාවේ ටූනා මාළු කිලෝවක් ජපානයේ ඩොලර් 200ක මුදලකට මේ දිනවල අලෙවි වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගුනාමා මහතා තමන්ට ප්‍රකාශ කළැයි ධීවර හා ජලජ සමිපත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත අයතනයේ (නාරා) වාර්ෂික විද්‍යාත්මක සැසීවාරයට සහභාගි වෙමිනි.
     
    පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ නාරා ආයතනයේ පර්යේෂකයින් මෙන්ම වෙනත් විශ්ව විද්‍යාල හා ආයතනවලට සම්බන්ධ පර්යේෂකයින් 200ක් පමණ මෙම සැසිවාරයට සහභාගී වු අතර ප්‍රධාන ආරාධිතයින් වශයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලකාවේ ජපාන තානාපති කෙනිචි සුගුනාමා, ධීවර අමාත්‍යංශයේ ලේකමි මංගලිකා අධිකාරී යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මීට සහභාගී වී සිටියහ.
     
    මෙහිදී අදහස් පළ කළ ජපාන තානාපති කෙනිචි සුගුනාමා මහතා - ජපානයේ මේ වන විට ධීවර ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් ලබා තිබෙන්නේ මත්ස්‍ය සම්පත කළමනාකරණය සහ නව විද්‍යාත්මක ධීවර කර්මාන්තය යොදා ගැනීම තුලිනී.මේ වන විට ජපානයේ  මත්ස්‍ය පරිභොජනය සමස්ත ජනගහනයෙන් සියයට 65කී. ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන මසුන් සඳහා ජපානයේ ඉහළ ඉල්ලුමක් පවතී.ජපානය ඉදිරි කාළසීමාව තුළ මත්ස්‍ය සම්පත කළමනාකරණය කර ගැනීම සදහා පියවර රුසක් ගෙන තීබේ.ඒ සම්බන්ධයෙන් වන අත්දැකීම් ශ්‍රි ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට ජපාන රජය සුදානම්. ශ්‍රී ලංකාව ද ධීවර සම්පත් කළමනාකරණය සදහා අවධානය යොමු කළ යුතුව ඇතැයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා
     
    නාරා ආයතනයේ වාර්ෂිකව පැවැත්වෙන විද්‍යාත්මක සැසිවාරයට සහභාගී වන ඔබ සියලු දෙනා මම කාරුණිකව පිළිගන්නවා. අද මෙම සැසිවාරයට මෙම ක්ෂේත්‍රයේ පර්යේෂකයින් විද්‍යාඥයින් රුසක් සහභාගී වී සිටිනවා. අපේ රටේ සෑම ආයතනයකින්ම වාර්ෂිකව නිලධාරීන් විශාල පිරිසක් නොයෙකුත් පරේෂණවලට සහභාගී වෙනවා, වාර්තා හදනවා, දැනුම ලබාගන්නවා නමුත් තමන් ලබන දැනුම රටේ අභිවෘද්ධිය උදෙසා ලබා දෙනවා ද යන්න ගැටළුවක්. සමහර පර්යේෂණ වාර්තා අල්මාරීවල, කබඩ් වල පුස් කනවා.රටේ ජාතික ධනය වැය කරමින් විවිධ රටවල් වලට යවා අධ්‍යයනයන් කරන්නට රජය අවස්ථාව ලබා දෙන්නේ ඒ දැනුම රටට ආපසු ලබා දීම සඳහාය.
     
    අතිගරු ජනාධිපතිතුමා රජයට උපදෙස් දී තිබෙන්නේ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ හැකිතරම් පරේයේෂණ සිදු කිරීම සඳහායි.රටක් සංවර්ධනය වීමට සිදු කෙරෙන පරයේෂණ අතිශයින් වැදගත් වනවා.මෑත කාළයේදී වත්මන් රජය යටතේ පර්යේෂණ ක‍ෂේත්‍රෙයේ විශාල ප්‍රගමනයක් ඇති වී තිබෙනවා. උසස් පෙළ හදාරණ දරුවනුත් එක් එක් කෂේත්‍ර වල විද්වතුනුත් විවිධ පර්යේෂණවල නිරත වනවා. එය යහපත් ලක්ෂණයක්. ඒ වගේම තමන් උගත් දෙය රටට ලබා දෙන ලෙසත් මම ඉල්ලා සිටිනවා.
     
    දැන් මොහොතකට පෙර මම ජපාන තානාපතිතුමාගෙන් විමසීමක් කළා ජපානයේ ජනතාව තුල ලංකාවේ මාළු සම්බන්ධයෙන් පවතින තත්වය පිළිබදව. එතුමා මට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ටූනා මාළු කිලෝවක් ජපානයේ ඇමරිකන් ඩොලර් 200කට පමණ මුදලකට අලෙවි වන බව. ඒ කියන්නේ ලංකාවේ මුදලින් ගත්තොත් රුපියල් 30,000ක් පමණ වෙනවා. ලෝකයේ සෑම රටකම අපේ රටේ මාළු සදහා විශාල ඉල්ලුමක් තිබෙනවා. එයට හේතුව තමයි අපේ මාළුවල රසයේ වෙනසක් තිබීම. සාමාන්‍යයෙන් මම මෙහෙම කිව්වම සමහරු හිතයි ඕනෑම මුහුදක ඉන්නේ එකම වර්ගයේ මාළුයි. එහෙමනම් කොහොමද රස වෙනස් වෙන්නේ කියලා.
     
    ධීවර ජනතාව දන්නවා අපේ රටේ මාළු ප්‍රදේශයෙන් ප්‍රදේශයට විතරක් නෙවේ,වැල්ලෙන් වැල්ලටත් අපේ රටේ මාළු වල රසය වෙනස් වෙනවා. ඒ නිසා අපේ මත්ස්‍ය සම්පත ලෝකේ හැම රටකම ඉතාමත් ජනප්‍රිය බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
     
    නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් දුම් ගසා මසුන් වේලීමේ ඒකකයද අමාත්‍යවරයා අතින් විවෘත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya