සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර ගොවීන් 15,730කට පොහොර සහනාධාර

    ජූලි 28, 2017

    රත්නපුර ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් පොහොර සහනාධාර මුදල් ප්‍රදාන ජාතික වැඩසටහන යටතේ සමීක්ෂණ 20 ක් ද සිදු කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ බී.ජී.ජයසේන මහතා  පවසයි.

    තොග ගබඩා පරීක්ෂා 11ක් ද, අලෙවිසැල් ලියාපදිංචි කිරීම් 16 ක් ද, පොහොර සාම්පල් ලබා ගැනිම් 14 ක් ද, පුහුණු වැඩසටහන් 10 ක් හා ආනයන බලපත්‍ර සඳහා පොහොර සාම්පල් ලබා ගැනීම් 10 ක් ද සිදු කර තිබේ.

    තවද 2017 යල කන්නය සඳහා පොහොර සහනාධාර වැඩසටහන යටතේ පළමු දෙවන තෙවන අදියරයන් යටතේ ගොවින් 15,730 කට හෙක්ටයාර් 7272.85 ක භූමි ප්‍රමාණයකට රුපියල් 92 100 000 ක මුදලක් බැංකු ගත කර ඇති බව ද ඵ් මහතා සදහන් කරයි.

     2017 ජුනි මස 30 දිනට පොහොර සහනාධාර මුදල් ලබා දිමේ කටයුතු අවසන් කර ඇති අතර ඵම දිනය තවදුරටත් දීර්ඝ නොකරන බව ද  සහකාර අධ්‍යක්ෂ බී.ජී.ජයසේන මහතා දන්වා සිටියි.

    මෙම තොරතුරු දක්වා සිටියේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 27 වෙනි දා පැවැති රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya