සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල ව්‍යවසායකත්ව මෙහෙයුම් කමිටුව රැස්වෙයි

    ජූලි 28, 2017

    ගාල්ල දිස්ත්‍රික්යේ ව්‍යවසායකත්ව මෙහෙයුම් කමිටුව ඊයේ (27) දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    මෙහි දී ප්‍රධාන වශයෙන් 2017 වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කෙරුණු ස්වශක්ති ජාතික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව සාකච්ඡාවට පක්කෙරිනි.

     

    ඒ අනුව අයදුම්පත්ලාභින් 5,612 දෙනෙකු අතරින් පුර්ව කොන්දේසි සපුරනු ලැබු ව්‍යවසායකයින් 1,314 දෙනෙකු ණය ආධාර ලැබීම සඳහා සුදුසුකම් ලැබි ඇති බවත්, ඉන් 701 දෙනෙකු කාන්තා ව්‍යවසායකයින් බවත්, 613 දෙනෙකු පිරිමි ව්‍යවසායකයින් වීම විශෙෂත්වයක් බවත් දිස්ත්‍රික් කුඩා ව්‍යපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ සී. ඩබ්. කේ. මණ්ඩලවත්ත මහතා සඳහන් කර සිටියේ ය.

    මෙම ව්‍යවසායකයින් අතුරින් නව ව්‍යවසායකයින් 910 දෙනෙකු සිටින බවත්, දැනට ව්‍යපාර සිදුකරගෙන යනු ලබන ව්‍යවසායකයින් 404 දෙනෙකු සිටින බවත් ඔවුන් අතුරින් 486 දෙනෛකු සඳහා ණය ලබා දීමට ලංකා බැංකුව ඉදිරිපත්ව සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya