සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට උඩුකිරිවිල ගම්මානය සංවර්ධනය කෙරේ

    ජූලි 27, 2017
    "වැවක් සමඟ ගමක්" ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට උඩුකිරිවිල ගම්මානය මැටි භාණ්ඩ නිෂ්පාදන ආදර්ශ ගම්මානයක් ලෙස  සංවර්ධනය කෙරෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන "වැවක් සමඟ ගමක්" ධීවර ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ උඩුකිරිවිල ගම්මානය සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.
     
    උඩුකිරිවිල ගම්මානයේ පවුල් 32ක් මැටි භාණ්ඩ  නිෂ්පාදනයේ යෙදෙන අතර ඔවුන්ට පෝරණු ඉදිකර ගැනීම සඳහා එක් පවුලකට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂ 16ක මුදලක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් පිරිනැමිනී. එමෙන්ම මෙම ගම්මානයේ මැටි අඔරා පදම් කිරීමට යොදා ගන්නා යන්ත්‍රය වසර 15ක කාලයක් තිස්සේ අක්‍රීයව පවතින අතර එම යන්ත්‍රය අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද අමාත්‍යවරයා එකගත්වය පළ කළේය.
     
    එමෙන්ම එම පැරණි යන්ත්‍රය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එය ඉක්මනින්ම අලුත්වැඩියා කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
     
    මෙම අවස්ථාවට සහභාගි වී සිටි පිරිස ඇමතූ අමාත්‍යවරයා කියා සිටියේ වැවක් සමග ගමක් වැඩසටහන යටතේ සෑම ධීවර පවුලකට ම ලස්සන කුඩා නිවසක් බැගින් තනා දීම රජයේ අරමුණ බවයි. ධීවර ප්‍රජාවගේ නිවාස ගැටලුව විසඳීම සදහා මෙම වසරට රුපියල් මිලියන 1200ක මුදලක් රජය විසින් ලබා දී ඇති බවත් අමාත්‍යවරයා කීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya