සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිපේ ‍ගොවි ජනපදයේ ජල මුරය දීර්ඝ කෙරේ

    ජූලි 26, 2017
    මිනිපේ ‍ගොවි ජනපද ගොවීන්ගේ ඉල්ලීමක් අනුව මිනිපේ ගොවි ජනපද ව්‍යාපාරය සඳහා ලබා දෙන ජල මුරය තවත් දින 15 කින් දීර්ඝ කිරීමට මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තීරණය කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි. 
     
    මිනිපේ ව්‍යාපාර කළමනාකරණ කමිටුවේ ගොවින්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම පදනම් කරගෙන මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා විසින් මෙම තීරණය ගන්නා ලදී. මිනිපේ නේවාසික ව්‍යාපාර කළමනාකරු එම්.ඒ.ඩී. බණ්ඩාර මහතා විසින් ව්‍යාපාර කළමනාකරණ කමිටුවේදී ගොවීන්ගෙන් ඉදිරිපත්වූ  ඉල්ලීම කෘෂිකර්ම කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.
     
    මිනිපේ ගොවි සංවිධාන සාමාජිකයන්ගේ එකතුවෙන් මීට පෙර  පවත්වන ලද කන්න රැස්වීමේදී පවතින කාලගුණික හා දේශගුණික තත්ත්වය පදනම් කර ගෙන  30%  වී වගා කිරීමටත් 70% ක් අතිරේක බෝග වගා කිරීමටත් තීරණය කරන ලදී. ඒ අනුව යල කන්නය සඳහා මිනිපේ ව්‍යාපාරය සඳහා ජලය නිකුත් කිරීමට නියමිතව තිබුණේ ජූලි 20 වැනි දින දක්වා පමණි. නමුත් බිම් සකසන අවස්ථාවේ ඇති වූ බලාපොරොත්තු නොවු වර්ෂාපතනය නිසා ඇතැම් ගොවියන් වී සඳහා ලබා දී තිබූ ඉලක්කය ඉක්මවා වී වගා කර ඇත.  පෙර කන්න රැස්වීමේදී එළඹුණු එකගතා අනුව කටයුතු කළහොත් මිනිපේ ව්‍යාපාරයේ 3 සහ 4 පියවරවල ගොවිතැන් කරන ගොවීන්ගේ වී වගාව අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි නිසා තමන්ට සහනයක් ලබා දෙන ලෙස මිනිපේ ව්‍යාපාර කළමනාකරණ කමිටුව මෙම ඉල්ලීම සිදු කොට තිබේ.
     
    නේවාසික කළමනාකරුගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සළකා බැලූ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතා ගොවි ජනතාවගේ සුබ සිද්ධිය සඳහා ජල මුරය දීර්ඝ කිරිමට තීරණය කරන ලදී. නමුත් පෙර කන්න රැස්වීම්වලදී එළඹෙන තීරණ වෙනස් කිරීමට යෑමෙන් අවසනායේ ගොවි ජනතාවම අපහසුතාවයන්ට පත් වන බව පෙන්වා දුන් ඔහු ඉදිරියේදී වගකීමෙන් යුතුව කන්න තීරණ අනුව කටයුතු කළ යුතු බවද පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම මෙම දිනවල මිනිපේ ව්‍යාපාරය කේන්ද්‍ර කරගනමින් සිදු කෙරෙන අලුත්වැඩියා කිරීම්වලටද බාධාවක් නොවන පරිදි කටයුතු කළ යුතුව ඇති බව පෙන්වා දුන් දිස්ත්‍රික් ලේකම්වරයා නැවත නැවතත් ජල මුරය දීර්ඝ කිරීමට ඉල්ලා නොසිටින ලෙසද කෘෂිකර්ම කමිටුවට  සහභාගී වන ගොවි සංවිධාන නියෝජිතයන් ද දැනුවත් කරන ලදී. ඒ අනුව මිනිපේ ව්‍යාපාරය සදහා එළඹෙන අගෝස්තු 0 5 වැනි දින දක්වා ජල මුරය දීර්ඝ කෙරෙනු ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya