රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය ඇතුලු සියලු ගැටලු වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසදුම් ලබා දෙන බව තමාට විශ්වාස යැයිද ඒ අනුව ඉදිරි අවුරුදු 5 තුළ රටට යහපත් අනාගතයක් උදාවන බව තමන්ට ස්ථීරව ප්‍රකාශ කළ හැකි බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.
වයඹ පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින්, වයඹ පළාත් ආහාර ප්‍රදර්ශනය ( Food Festival) නොවැම්බර් 10,11,12 කුරුණෑගල වැවරවුම ආශ්‍රිතව පැවැත් වීමට නියමිතය.
එළඹෙන 2024 වර්ෂය වන විට මෙරට පාසල් පද්ධතිය තුළ පවත්නා විදුහල්පති පුරප්පාඩු සියල්ල ම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
සේවය අත හැර යාමේ නියෝග නිකුත් කරන ලද මෙරට වෛද්‍යවරුන් සංඛ්‍යාව හා ඔවුන්ගෙන් රජයට අය වියයුතු මුදල් පිළිබඳ සම්පුර්ණ වාර්තාවක් සති දෙකක් තුළ ලබා දීමට කටයුතු කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභව මගින් පත්කළ අනු කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබා දෙන ලදී.