තාක්ෂණික දූෂණය වැළැක්වීමට අවශ්‍ය කටයුතු කර යුතුයි.නීතිමය,ව්‍යවස්ථාමය තාක්ෂණික ව්‍යුහයක් සකස් කර මතුපරපුරට නීතිමය සමානාත්මතාවය ඇති සමාජයක් ඇතිකරගැනීමට කටයුතු කරමු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන පොලිස් කොමිසමක් පත් කර තිබෙන බවත් දැන් කිසිවෙකුටවත් පොලීසියට නියෝග දිය නොහැකි බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ජලභීතිකා රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බවත් වසර 2020 වනවිට ජලභීතිකා රෝගය අවසන් කිරීමට අනෙකුත් අමාත්‍යාංශ සමඟ එකාබද්ධ කරමින් සැලැස්මක් ඇතිකර ඒ අනුව කටයුතු කරන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
සිසුන්ගේ ඉල්ලීම් ලබාදීම ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ.සාකච්ඡාවට එනවානම්,අගමැතිතුමා සහ අපි සාකච්ඡාවට සූදානම් යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.