අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දේශපාලන භික්ෂුවක් නොවන බවත් උන් වහන්සේ ජාතික, සමාජික, සංස්කෘතික, වශයෙන් රටේ යහපත, සම්බුද්ධ ශාසනයේ යහපත වෙනුවෙන් කටයුතු කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියෝ පවසති.
WT1190F ලෙස නම්කර ඇති මෙම ආකාශ වස්තුව තංගල්ල ප්‍රදේශයෙහි සිට නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සුදානම් වී සිටින බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
අපවත් වී වදාළ අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් ආදාහන පෙරහැර මීට සුළු මොහොතකට පෙර නාගවිහාරයේ සිට ගමන් ආරම්භ කළේ ය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් නොවැම්බර් 10 වන දිනට යෙදී තිබූ ''ජාතික විද්‍යා දිනය'' සැමරීම හා ඒ වෙනුවෙන් විද්‍යා සතියක් ප‍්‍රකාශයට පත් කරමින් පවත්වනු ලබන වැඩසටහන් වලට සමගාමීව ශ‍්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය(NURD) විසින් තාක්ෂණික හා ඉංජිනේරු ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.