මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික, සාමාජික, සංස්කෘතික, මෙන් ම රටේ යහපත, සම්බුද්ධ ශාසනයේ යහපත වෙනුවෙන් කටයුතු කළා

    නොවැම්බර් 12, 2015

    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි දේශපාලන භික්ෂුවක් නොවන බවත් උන් වහන්සේ ජාතික, සමාජික, සංස්කෘතික, වශයෙන් රටේ යහපත, සම්බුද්ධ ශාසනයේ යහපත වෙනුවෙන් කටයුතු කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියෝ පවසති.

    අද (12) සවස පැවැති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජොත්සවය අවස්ථාවේ උන්වහන්සේ සිදුකළ උදාර සමාජ
    කාර්යභාරය අගයමින් පැවැදි උතුමන් වහන්සේලා විසින් අනුසාසනා පැවැත්වූ අතර එහිදී අනුශාසනා කරමින් පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියෝ මේ බව පැවසූහ.


    පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය සංවිධානය කර තිබුණි. ආගමික වතාවත් වලින් අනතුරුව උන්වහන්සේ පිළිබඳව
    අනුසාසනා පැවැත්වීම සිදු විය.

     

    මෙම ආදාහන පූජොත්සවය සඳහා අතිපූජ්‍ය මහා සංඝරත්නය , අන්‍ය ආගමික පූජක ප්‍රසදීන් වහන්සේලා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
    මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විදේශ
    තානාපතිවරුන්,පාසල් සිසු සිසුවියන්, දේපාලන නියෝජිතයන් නන්දෙසින් පැමිණි බැතිමතුන් ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.

     


    දෙස- රැස -බස වෙනුවෙන් අතිවිශිෂ්ට සේවයක් කළා

    පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ -මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ-

     

    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙසත් ජනප්‍රිය ධර්ම දේශකයකු, දෙස රැස බස වෙනුවෙන් අතිවිශිෂ්ට
    සේවයක් කරමින් නිර්භීතව කතාකරමින්,නායකත්වය දෙමින් සමස්ත ගිහි පැවැදි ජනතාවට උත්කෘෂ්ඨ සේවයක් ඉටු කළේ ය.

     

     

    සෝභිත හිමියන් ඉදිරිපත් කළ යෝජනා පාලකයන්ට කී කරණා ඉටුකිරීම තුළින් උන්වහන්සේට ගෞරවය ලබාදිය හැකියි-අතිපූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධමමාලංකාර නාහිමියෝ

    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඉදිරිපත් කළ යෝජනා පාලකයන්ට කී කරණා ඉටුකිරීම තුළින් තමයි සෝභිත හිමියන්ට ගෞරවය
    ලබාදිය හැක්කේ. උන් වහන්සේට නිවන් සැප ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

     

     

    සෝභිත හිමි දේශපාලන භික්ෂුවක් නොවේ -ජාතික, සමාජික, සංස්කෘතික, සේවාවන් රටේ යහපත සම්බුද්ධ ශාසනයේ යහපත වෙනුවෙන් කටයුතු කළා.


    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමියෝ-

    සෝභිත හිමි සමඟ සමීපයෙන් ඇසුරු කළා. අපි ජාතික සමාජික සංස්කෘතික සේවාවන් රටේ යහපත සම්බුද්ධ ශාසනයේ යහපත
    වෙනුවෙන් කටයුතු කළා.

    උන් වහන්සේගේ චරිතය සුවිශේෂී චරිතයක්. උන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසයි. සාමාන්‍ය ජනතාව අතර සෝභිත හාමුදුරුවෝ ලෙසයි ප්‍රසිද්ධ වුණේ.

    සහජයෙන් ලබා තිබුණු ශාසනය මෙහෙවර රට වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් පසුගිය දසක ගණනාව තුළ සිදු කරගෙන ගියා. යමක් බලාපොරොත්තුවෙන් නොවේ ඒ දේවල් කළේ. උන් වහන්සේ දේශපාලන භික්ෂුවක් නොවේ.රටේ ප්‍රශ්නකාරි තත්ත්වයක් වෙනවා නම් ඒ වෙනුවෙන් නැගී සිටීම භික්ෂුවකගේ උරුමයයි. ඒ වෙනුවෙන් තමයි සෝභිත හිමියෝ නැගී සිටියේ. උන් වහන්සේ රජකු නොවූවත් රජුන් හැදීමේ හැකියාවක් තිබුණා.

     

     

    උන්වහන්සේගේ චින්තනය ස්වාධීන චින්තනයක්

    මල්වතු පාර්ශවයේ අනුනායක,අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි අනුනායක හිමියෝ-

     

    මේ අවස්ථාව සාතිශය සංවේගය උපදින අවස්ථාවක්. මාදුළුවාවේ සෝභිත හාමුදුවෝ අපවත්වෙලා කියලා බලපත් වේදනාවෙන් ජනතාව
    කතා කරනවා. පවැදි ජීවිතයේ වටිනාකම් රාශිය රටවෙනුවෙන් දැය වෙනුවෙන් සම්බුද්ධ සාසනය වෙනුවෙන් කළ සේවය
    ඓතිහාසිකයි.උන්වහන්සේගේ චින්තනය ස්වාධීන චින්තනයක් වුණා.විශිෂ්ට කථිකත්වයකින් ධර්මාස්වාදය ලබාදීමට සෝභිත හාමුදුවන්ට
    හැකියාවක් තිබුණා.මෑතකාලයේ උන්වහන්සේ ජනතාව අත්‍රට ගොස් ක්‍රියාකළ ආකාරය පැහැදිළිව ක්‍රියාකළා.

     

     

    විශාල ශාසනික මෙහෙවරක් ඉටු කළා

    අමරපුර සංඝසභාවේ මහා ලේඛකාධිකාරී අතිපූජ්‍ය ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනායක හිමියෝ-

    අනාථවූ රටක් ජනතාවක් අවධි කිරීමට එහි ආලෝකය දැකීමට පෙර දෙනෙත් පියාගැනීම ගැන අප කළ වරද කුමක්ද?විශාල ශාසනික
    මෙහෙවරක් ඉටු කළා. නැවත ශ්‍රී ලංකාවේ උපත ලබා උසස් ම බුද්ධ පුජාව වන අසරණ ජනතා මෙහෙවර ඉටු කරන මෙන් ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිනවා


    සෝභිත නායක ස්වාමින් වහන්සේ යුග පුරුෂයෙක්

    අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන ශ්‍රී ප්‍රේමසිරි මහනායක හිමියෝ-

     

    සෝභිත නායක ස්වාමින් වහන්සේ යුග පුරුෂයෙක්. මහත් පරිශ්‍රයක් ගත්තා ජනතාව යහපත් තැනකට ගෙනියාමට. තම ජීවිතය ඒ සඳහා
    කැප කළා.

     

    උන් වහන්සේට දර්ශනයක් තිබුනා

    හිටපු අගරඳගුරු ඔස්වල් ගොමිස් පියතුමා-

     

    උන්වහන්සේ ඇසුරු කිරීමේ භාග්‍ය ලැබුණා. කල්‍යාණ මිත්‍රයන් ලෙස ඇසුරු කළා. උන් වහන්සේට දර්ශනයක් තිබුනා, මේ රට දියුණු කරන්න සියලු දෙනා එක්විය යුතුයි කියා කිව්වා. අන්‍යය ආගමිකයන් සමඟ සමීපව කියා කළා.
    රටේ ප්‍රශ්න ගැන අපේ අඳහස් ප්‍රකාශ කරන්නත්, සෘජුව ඉදිරිපත් කරන්නත් වෙහෙසී සිටිනවා.තම යහපත ගැන ක්‍රියා නොකර රට තුළ
    සමඟිය තිබුණොත් තමයි රට තියෙන්නේ, ඒතුළ ක්‍රියා කරන්න උන් වහන්සේ අපව දිරි ගැන්වූවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya