අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික විද්‍යා දිනය සමරමින් තාක්ෂණික හා ඉංජිනේරු ප‍්‍රදර්ශනයක්

    නොවැම්බර් 12, 2015

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් නොවැම්බර් 10 වන දිනට යෙදී තිබූ ''ජාතික විද්‍යා දිනය'' සැමරීම හා ඒ වෙනුවෙන් විද්‍යා සතියක් ප‍්‍රකාශයට පත් කරමින් පවත්වනු ලබන වැඩසටහන් වලට සමගාමීව ශ‍්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය(NURD) විසින් තාක්ෂණික හා ඉංජිනේරු ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබේ.

     

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ‍්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NURD) රටේ ජාතික වැදගත්කමකින් යුත් සිවිල් ඉංජිනේරු, කෘෂි ඉංජිනේරු සහ පසු අස්වනු තාක්ෂණ, පුනර්ජනන බලශක්ති, බලශක්ති හා පාරිසරික කළමනාකරණ, විදුලි හා විද්‍යුත් ඉංජිනේරු, සුපිරි නිමවුම් අංශය වැනි අංශ රාශියකින් ඉංජිනේරුමය පර්යේෂණ සඳහා දායකත්වය ලබාදෙන ප‍්‍රමුඛතම ආයතනයකි.

     

    තාක්ෂණික ප‍්‍රදර්ශන හා ක‍්‍රියා නිරූපණ ,නිවාස ඉදිකිරීම සම්බන්ධ ගැටළු හා විසඳුම්,දැනුම හා විනෝදය ලබාදෙන වැඩසටහන් ,වීදි නාට්‍ය ආදී වැඩසටහන් සහ විශේෂාංග වලින් යුක්තව පැවැත්වෙන තාක්ෂණික හා ඉංජිනේරුමය ප‍්‍රදර්ශනය විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන සෙනසුරාදා(14) පෙ.ව. 10.30 ට ඒකල, ජාඇල පිහිටි ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ දී ආරම්භ වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya