අපනයන කෘෂි බෝග සඳහා අගය එකතු කිරීම මඟින් එම බෝග වලින් ලබා ගැනීමට අපේක්ෂා කරන ආදායම, ප්‍රාථමික නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් ලබා ගත හැකි ආදායමට වඩා ඉහළ අගයක් වන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ප්‍රාග්ධන මූලික අයවැයක් 2016 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන බවත් වියදමට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට 2016 වසර තුළ ක්‍රියා කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.
WT1190F ලෙස නම් කර ඇති මෙම ආකාශ වස්තුව අහසේදී මදැවී ගොස් ඇති බවට විශ්වාස කරන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.
WT1190F ලෙස නම්කර ඇති මෙම ආකාශ වස්තුව ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයට පතිත වීමේ තත්ත්වයක් පවතින බැවින් එම මුහුදු කලාපය කිසිදු නාවුක,ගුවන් හෝ ධීවර කටයුත්තක් සිදු නොවන මුක්ත කලාපයක් බවට මේ වනවිට පත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.