මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආකාශ වස්තුව පතිතවන මුහුදු ප්‍රදේශය මුක්ත කලායක් -ධීවර කටයුතුවලින් ඉවත්වන්න- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

    නොවැම්බර් 13, 2015

    WT1190F ලෙස නම්කර ඇති මෙම ආකාශ වස්තුව ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු ප්‍රදේශයට පතිත වීමේ තත්ත්වයක් පවතින බැවින් එම මුහුදු කලාපය කිසිදු නාවුක,ගුවන් හෝ ධීවර කටයුත්තක් සිදු නොවන මුක්ත කලාපයක් බවට මේ වනවිට පත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය සම්බන්ධීකාරක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

    මේ හේතුව නිසා පැය තුනක කාලයක් මෙලෙස එම මුහුදු ප්‍රදේශය මුක්ත කලායක් ලෙස පවතින බවත් මේ වනවිටත් සියලු නාවුක හා ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවත් එම ප්‍රදේශයේ මෙම කාලසීමාව තුළ ධීවර කටයුතුවලින් ඉවත් වන ලෙසත් ප්‍රදීප් කොඩිපිලි මහතා දන්වා සිටියි.


    අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් නොවැම්බර් 13 වෙනි සිකුරාදා දවල් 11.45ට පමණ ශ්‍රී ලංකාවෙහි දකුණු මුහුදු වෙරළෙහි සිට සැතපුම් 62ක් පමණ දුරින් මුහුදට වැටෙන බව සොයාගෙන තිබේ.

    මෙම ආකාශ වස්තුව මිනිසා විසින් යවන ලද රොකට්ටුවක කොටසක් හෝ 1960,70 ගනන් වල හඳට යවන ලද ඇපලෝ යානයක කොටසක් යැයි විශ්වාස කෙරේ.

    මෙහි ප්‍රමාණය මීටර දෙකක් පමණ, (අඩි 6 ,5ක් පමණ) වන අතර මේ රොකට් කැබැල්ල නිරීක්ෂණය කිරීමට තරම් ප්‍රමාණවත් ආලෝකයකින් මුහුදට වැටෙතැයි යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙහි පෘථිවියට ආසන්න ආකාශ වස්තූන් අධ්‍යයනය කරන මධ්‍යස්ථානය පවසයි.මෙයින් වැඩි කොටසක් පෘථිවි වායුගෝලයේදී දැවී යන අතර ඉතිරි කොටසයි මුහුදට වැටෙතැයි විශ්වාස කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya