මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආකාශ වස්තුව අහසේදී ම දැවී ගොස් ඇති බවට විශ්වාසයක්!

    නොවැම්බර් 13, 2015

    WT1190F ලෙස නම් කර ඇති මෙම ආකාශ වස්තුව අහසේදී මදැවී ගොස් ඇති බවට විශ්වාස කරන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.

    ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නිරීක්ෂණ කණ්ඩායමක් අද (13) මෙම අභ්‍යාවකාස වස්තුව නිරීක්ෂණය කිරීම සඳහා තංගල්ල වෙරළ තීරයට
    ගොස් තිබේ.

    අභ්‍යවකාශයට යවන ලද රොකට්ටුවක කැබැල්ලක් නොවැම්බර් 13 වෙනි සිකුරාදා දවල් 11.45ට පමණ ශ්‍රී ලංකාවෙහි දකුණු මුහුදු
    වෙරළෙහි සිට සැතපුම් 62ක් පමණ දුරින් මුහුදට වැටෙන බවට වාර්තා විය.

    මෙම ආකාශ වස්තුව මිනිසා විසින් යවන ලද රොකට්ටුවක කොටසක් හෝ 1960,70 ගනන් වල හඳට යවන ලද ඇපලෝ යානයක කොටසක් යැයි විශ්වාස කෙරේ.

    මේ පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කළේ, පෙ.ව 11.49ට පමණ දකුණු මුහුද අහසේ කිසියම් පිපිරීම් දෙකක් එකවර සිදු වී ඇති බවට තමන්ට වාර්තා වී තිබෙන බවත් ස්ථානය නිශ්චිතව ප්‍රකාශකළ නොහැකි බවත් පැවසී ය.

    මෙයින් වැඩි කොටසක් පෘථිවි වායුගෝලයේදී දැවී යන අතර ඉතිරි කොටස මුහුදට වැටෙතැයි විශ්වාස කරන බවත් එසෙත් නැතිනම්
    සම්පූර්ණයෙන් දැවී යනු ඇති බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂ ප්‍රියංකා කෝරළගේ මහත්මිය  රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya