2015 වසර සඳහා දෙවන ශ්‍රේණියේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 106 දෙනෙකු බඳවාගැනීමට අභිමතය ප්‍රකාශ කළ අයදුම්පත් භාර ගැනීම 2015 නොවැම්බර් මස 20 වෙනි දින පෙ.ව.9.00 සිට ප.ව. 3.00 දක්වා නාරාහේන්පිට, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.
තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන තුළ බස්නාහිර පළාතේ පරිශ්‍ර 62,079ක් පරීක්ෂාවට ලක්කර, මදුරුවන් බෝවිය හැකි ස්ථාන 12,337 ක් සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන 1,359 ක් හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දෙබරවැව මූලික රෝහල සඳහා රුපියල් ලක්ෂ 102 ක වටිනා එන්ඩස්කොපි යන්ත්‍රයක් (Endoscopy Machine) ප්රදානය කිරීම ඊයේ (16) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.