නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාගේ ඉල්ලීම මත සෞඛ්‍ය හා දේශීය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මැදිහත්වීමෙන් එම එන්ඩස්කොපි යන්ත්‍රය දෙබරවැව මූලික රෝහලට ලැබිණි.
සිරුරේ ආහාර මාර්ගයේ පවතින රෝග ලක්ෂණයන් හඳුනා ගැනීම සඳහා එන්ඩස්කොපි යන්ත්‍රය (Endoscopy Machine) භාවිතා කරනු ලැබේ.
ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි, නිමල් ලාල්චන්ද්‍ර, ටී. වී. කේ ගාමිණි යන දකුණු පළාත් සභා මන්ත්‍රිවරුන් ද, දෙබරවැව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය හසිත කාංචන මහතා ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය ද එම අවස්ථාවට සහභාගී වූහ.