අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩෙංගු මදුරු මර්දන වැඩසටහන තුළ බස්නාහිර පළාතේ පරිශ‍්‍ර 62,079ක් පරීක්ෂාවට

    නොවැම්බර් 18, 2015

    තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන තුළ බස්නාහිර පළාතේ පරිශ‍්‍ර 62,079ක් පරීක්ෂාවට ලක්කර, මදුරුවන් බෝවිය හැකි ස්ථාන 12,337 ක් සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන 1,359 ක් හදුනා ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු අවධානම ඉහළ යා හැකි බැවින් පසුගිය (12) දින සිට (14 ) දින දක්වා දීප ව්‍යාප්ත තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

     

    ඒ අනුව මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන තුළ බස්නාහිර පළාතේ කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත‍්‍රික්කවල පරිශ‍්‍ර 62,079 ක් පරීක්ෂාවට ලක්කර, මදුරුවන් බෝවිය හැකි ස්ථාන 12,337 ක් හදුනාගන්නා ලදි. ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන 1,359 ක් ද, 2566 කට නොතීසි නිකුත් කිරීමටත්, 443 ක් සඳහා නඩු පැවැරිමට කටයුතු කරන ලදි.

     

    2015 වසරේ මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 23,139 ක් වාර්තා වී ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් 1591 ක් ද, සැප්තැම්බර් මාසයේ 1091 සහ පසුගිය ඔක්තෝබර් මාසයේ 1961 වශයෙන් වාර්තා වේ. ඒ අනුව ඔක්තෝබර් මාසයේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ඇති අතර, ඉන් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 750 ක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වාර්තා පෙන්වා දෙයි.

     

    මේ වනවිට සමස්තයක් වශයෙන් ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක් දක්නට ඇති නමුත් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම පාලනය කිරීම ද මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙලෙහි අරමුණ විය.

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ජනාධිපති ඩෙංගු කාර්යසාධක බලකාය ඒකාබද්ධව ක‍්‍රියාත්මක කළ මෙම ඩෙංගු මදුරු මර්දන වැඩසටහන සඳහා මහජන සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ඩෙංගු මර්දන කමිටු, පොලීසිය හා ත‍්‍රීවිධ හමුදාවේ ද සහයෝගය ලබාදෙන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya