අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන කෘෂි බෝග සඳහා අගය එකතු කිරීම මඟින් ආදායම ඉහළ නැංවිය හැකියි

    නොවැම්බර් 15, 2015

    අපනයන කෘෂි බෝග සඳහා අගය එකතු කිරීම මඟින් එම බෝග වලින් ලබා ගැනීමට අපේක්ෂා කරන ආදායම, ප්‍රාථමික නිෂ්පාදනයන් අපනයනය කිරීමෙන් ලබා ගත හැකි ආදායමට වඩා ඉහළ අගයක් වන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කරයි.

    කුරුඳු නිෂ්පාදනවලට ලෝක වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලූමක් ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙරට කුරුඳු නිෂ්පාදකයින්ට තවදුරටත් ගුණාත්මක පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා,කුරුඳු අපනයනකරුවන්ට තම නිෂ්පාදනයන්ට ලෝක වෙළඳපොළ තුළ වැඩි ඉල්ලූමක් ලබා ගත හැකි පරිදි රජයේ මැදිහත්වීමෙන් ප්‍රමිති සහතිකයක් ලබා දීමට ද කටයුතු කරන බවද පැවසී ය.

     

    උපරිම අගය එකතු කිරීමක් තුළින් ලෝක වෙළඳපොළ තුළ උපරිම ඉල්ලූමක් හා උපරිම ආදායමක් ලබා ගැනීම දක්වා නිෂ්පාදකයින් මෙහෙයවීම තම අභිප්‍රාය බවද අමාත්‍යවරයා පවසයි.

    දැනට වගා කර ඇති භූමියේ බෝග වගා ඝණත්වය ඉහල නැංවීම හා අතුරු බෝග වගා කිරීම තුළින් ද නිෂ්පාදකයාට ආදායම ඉහළ නංවාගත හැකි බව යි. ඉදිරි වසර පහ තුළ අපනයන ආදායම දෙගුනයකින් ඉහළ නැංවීමේ අග්‍රාමාත්‍යතුමාගේ අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා මෙය මහත් පිටිවහලක් වනු ඇති බවද අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.


    ගාල්ල, අක්මීමන ලබුදූවේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට
    සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya