පළාත් පාලන ආයතවල ගුණාත්මකභාවය වැඩි කිරීමට කටයුතු කරන බව පළාත් සභා සහ පාළාත් පලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
එමෙන්ම නියෝජිතයන්ගේ වරප්‍රසාද වෙනුවෙන්ද කටයුතු කරන බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ පිළිතුරු කතාව කරමිනි.
පළත් පාලන ආයතනවල පහසුකම් වැඩිකරනවා වගේම හැසිරීම් පිළිබඳව මහජනතාවගේ චෝදනා බැලිය යුතුයි.ඉදිරියේ දී ප්‍රතිපාදන හා ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරනවා වගේම හැසිරීම් විනය සම්බන්ධයෙන් ද අවශ්‍ය කටයුතු කරනවා යැයි අමාත්‍යවරයා පැවසී ය.
පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය සියයට 25%ක් සහතික කිරීම සඳහා එළඹෙන මැතිවරණයේ දී සංශෝධන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පළාත්සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
ගිය ආඅණ්ඩුවේ හුගාක් පව් අපි ගෙනියනවා.ලංකාවේ කොන්ත්‍රාත්කරුවන්ටත් අපි අවස්ථාව දෙනවා.විනිවිදභාවයෙන් ඕනෑම කොන්ත්‍රාත්කරුවෙකුට ඉල්ලන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06)පාර්ලිමේන්තුවේ දී කදුරට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ය.
විශ්වවිද්‍යාල දියුණු කිරීමට නම් විශ්වවිද්‍යාලවලට ස්වාධීනත්වය ලබාදිය යුතු බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.