මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඳුරට අධිවේගී මාර්ගය පිළිබඳ අගමැති පිළිතුරු දෙයි

    නොවැම්බර් 06, 2015

    ගිය ආඅණ්ඩුවේ හුගාක් පව් අපි ගෙනියනවා.ලංකාවේ කොන්ත්‍රාත්කරුවන්ටත් අපි අවස්ථාව දෙනවා.විනිවිදභාවයෙන් ඕනෑම කොන්ත්‍රාත්කරුවෙකුට ඉල්ලන්න පුළුවන් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06)පාර්ලිමේන්තුවේ දී කදුරට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් කඳුරට අධිවේගී මාර්ගය පිළිබඳව යොමුකළ වාචික පිළිතුරු අපේක්ෂා කරන අවස්ථාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.


    ටෙන්ටර් ක්‍රමයෙන් බැහැරවී සියලු ඉදිකිරීම් කිරීම වැරදි කියලා චෝදනා කළ බවත් කඳුරට අධිවේගී මාර්ගය ඉදි
    කරන්නෙත් එම ක්‍රමයෙන් මදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විමසීය.

     

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

    වෙනසක් තිබෙනවා. මෙවර පොළිය හුගක් අඩුයි.මෙවර පොළිය ඉතාම සහනධායී මට්ටමට ලබාදී තිබෙනවා.අපි හැමදාම කිව්වේ පොළිය ගැනයි.පොළිය ගෙවන්න බැරි වෙනකොට ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩි වෙනවා.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

    කොහොමත් ගිවිසුමක් අත්සන් කර දී තිබුණා, කොටසක් කරන්න. එය දුන්නා කියා පිළිගන්නවනේ. ඒ ගිවිසුම අහෝසි කළානම්, අපිට ඒ වෙනුවට වන්දි ගෙවන්නට සිදු වෙනවා.ඔයගොල්ල කොටසක් දුන්නා.කොටස වෙනසක්
    ඇති වුණා විතරයි.ගිය ආණ්ඩුවෙන් දුන්නා.ගිය ආඅණ්ඩුවේ හුගාක් පව් අපි ගෙනියනවා.කෑගල්ල පැත්තට යන කොටස දුන්නා.ඒ අය ලෑස්ති වුණා කඩවත් මීරිගම කොටස අරගන්න.ඊළඟ කොටස බාරදුන්නා ආසියානු සංවර්ධන
    බැංකුවට.පොතුහැර සිට නුවර සහ පොතුහැර සිට දඹුල්ලට කරන්නේ කොහොමද කියලා බලන්න ඕන. ඇයි ඔබ
    එකඟ වුණේ කෑගල්ලට ඒ කොටස දෙන්නට.

     

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා -

    මෙම කඳුරට අධිවේගී මාර්ගය දේශීය කොන්ත්‍රාත්කරුවන් පස් දෙනෙකුට දුන්නේ.මෙම කොටස පවරා දී තිබුණේ නෑ
    කාටවත්.චීන සමාගමකට මේ කොටස පවරා දී තිබුණා කියන එක වැරදියි.

     

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා -

    ඔය ගැන කැක්කුමක් තිබෙනවා නම් වසර 2004 අපේ නායකතුමා, මැලේසියාවට ගිහිල්ලා, මේ පාර හදන්න.සම්පූර්ණ වියදම බිලියන 60යි. අද මේ පාරට යනවා බිලියන 325ක්.බලයට පත් වුණාට පස්සේ හදන්න
    තිබුණා.ඡන්දය පැරදුණාම. මහනුවරට පාර හදන්නේ නෑ කිව්වා.

     

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

    මේ සමාගමට ගිවිසුමක් අත්සන් කර තිබුණා.පොතුහැර සිට රඹුක්කනට.පුදුමයි.. මේ පාරේ වැඩකටයුතු මහනුවරින්
    පටන්ගන්නේ නැතුව.කඩවතින් පටන්ගන්නේ නැතුව,උත්සව දාලා පවැත්වූවා මැදදි.මාර්ගය පිළිබඳව
    විශාල ප්‍රශ්නයක් ඇතිව තිබුණා. අපි මෙය අලුතින් ගන්න හැදුවා.යාළුකමට දීලා තිබුණා කඩවත් කෑල්ල.ඒත් මුදල්
    ආණ්ඩුවෙන්.අපි කිව්වා අපිට මුදල් නෑ, අපිට තිබෙනවා පඬි වැඩිකරන්න.ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව කිව්වා
    අපි ලෑස්තියි, පොතුහැර කොටස කරන්න කියලා.ඒ අය කොමිස් අරගෙන අපිට වන්දි ගෙවන්න කියනවා.

    අපි දැන් එකඟ වී තිබෙනවා,කඩවත සිට මීරිගම දක්වා එතැන සිට ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලංකාවේ
    කොන්ත්‍රාත්කරුවන්ටත් අපි අවස්ථාව දෙනවා.විනිවිදභාවයෙන් ඕනෑම කොන්ත්‍රාත්කරුවෙකුට ඉල්ලන්න පුළුවන්.

    නැත්නම් ඔක්කොම නවත්වලා,අපිට කරන්න තිබුණේ,ආපසු කටුනායක සිට මහනුවරට ගෙනියන්නයි.කවුද මේක ආපසු කැලණිය සිට ගත්තේ?කවුද ඒවා සාක්කුවේ දාගත්තේ? යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

     

    සභානායක, අමාත්‍ය ලක්ෂ්මන්කිරිඇල්ල මහතා-

    අපේ ආණ්ඩුව පත්වෙන්න කලින් ගිවිසුම් ඔක්කෝම සකස් කරල තිබුණේ.මේසේ යටින් ගෙවන මුදලුත් ගෙවලා
    තිබුණේ.දැන් ලොකු කැක්කුමක් මහනුවර ගැන.බිලියන 60ට හදන්න තිබුණු පාර මේක.මහනුවර ගැන කැක්කුම
    හදිලා තියෙන්නේ දැන්ද?

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya