මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාලවලට ස්වාධීනත්වය ලබාදිය යුතුයි

    නොවැම්බර් 06, 2015

    විශ්වවිද්‍යාල දියුණු කිරීමට නම් විශ්වවිද්‍යාලවලට ස්වාධීනත්වය ලබාදිය යුතු බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.


    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේ ය.


    මෙහිදී එච්.එන්.ඩී.ඒ. සිසුන් පිළිබඳ ගැටළුව පිළිබඳව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, 46/90 චක්‍රලේඛය බලාත්මක කිරීමට පියවර ගත් බවත් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් කීය.


    නිදහස් අධ්‍යාපනය පිළිබඳව එජාපයට උගන්වන්න දෙයක් නෑ.එජාප ආණ්ඩුව රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා
    කළා.රජය මහපොළ,ශිෂ්‍යාධාර වැඩිකරන්නට දැනටමත් කැබිනට් පත්‍රිකාවක් දාලා තිබෙනවා.සිසුන් සමඟ සාකච්ඡා
    කිරීමට සූදානම්. පැනලා යන්න සූදානම් නෑ.


    විශ්වවිද්‍යාලයේ වටිනාම සම්පත ශිෂ්‍යයන්. ඔවුන් රැකබලා ගැනීමට ක්ලැපවී ඉන්නවා. විශ්වවිද්‍යාල දියුණු කිරීමට නම්
    විශ්වවිද්‍යාල ස්වාධීන කළ යුතුයි. විදේශ විශ්වවිද්‍යාලවල එම ස්වාධීනත්වය දී තිබෙනවා. බලයට පත් වූ සෑම ආණ්ඩුවක්ම විශ්වවිද්‍යාලය ග්‍රහනයට ගත්තා. විශ්වවිද්‍යාලයේ නිදහස් චින්තනයක්,බිද්ධිමය සංවාදයක් තිබිය යුතුයි. අපි හදන්නේ අලුත් සංස්කෘතියක් ඇති කරන්නයි.

    විශ්වවිද්‍යාල ස්වාධීන කරන්නට කටයුතු කරනවා. 19 වන සංශෝධනයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්
    සභාව ස්වාධීන කරන්න්න හැදුවත්, එය බැරි වුණා. එය අපි ස්වාධීන කරන්න සූදානම්. විශ්වවිද්‍යාල මහවිද්‍යාල
    වෙලා.එය කණගාටුවක් යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya