මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු අපනයන බෝග සඳහා අගය එකතු කිරීමේ වැඩපිළිවෙලක්

    නොවැම්බර් 06, 2015

    කුරුඳු ඇතුළු සුළු අපනයන බෝග සඳහා අගය එකතු කිරීමේ වැඩපිළිවෙලකට අවශ්‍ය සැලසුම් කරන බවත් එය ක්‍රියාත්මක කරන බවත් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු
    අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසී ය.


    කුරුඳු තෙල්වලට වැඩි වටිනාකමක් එකතු කරන්න අවශ්‍යයි.අපනයන ආදායම ඉදිරි වසර හතර තුළ දෙගුණයකින් වැඩි කිරීමට කටයුතු කරනවා.තල වගාවෙන් විශාල ආදායමක් ලබාගැනීමට හැකියි.ඒ පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.ඒ සඳහා අක්කර සියයක තල වගා කිරීමට බලාපොරොත්තු වෙනවා.

    වෙළඳුන්ගේ කූට උපක්‍රම හේතුවෙන් කුරුඳු කර්මාන්තය බිඳ වැටීමේ අවදානමක් ඇති බව ද කී අමාත්‍යවරයා,එය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට විශාල හානියක් බවද පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya