මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිමය,ව්‍යවස්ථාමය ,තාක්ෂණික ව්‍යුහයක් සකස් කර මතුපරපුරට නීතිමය සමානාත්මතාවය ඇති සමාජයක් ඇතිකරමු

    නොවැම්බර් 04, 2015

    තාක්ෂණික දූෂණය වැළැක්වීමට අවශ්‍ය කටයුතු කර යුතුයි.නීතිමය,ව්‍යවස්ථාමය තාක්ෂණික ව්‍යුහයක් සකස් කර මතුපරපුරට නීතිමය සමානාත්මතාවය ඇති සමාජයක් ඇතිකරගැනීමට කටයුතු කරමු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    වංචා දූෂණ නාස්තිය පිළිබඳවමෙන් ම ඇවන්ට් ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් වූ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළේ ය.


    ජනවාරි 08 වැනිදා සුවිශේෂී ජනවරමක් ලබදුන්නේ, දූෂණය ආයතනගත වීම ගැන ජනතාව දැනුවත්විම නිසයි.පැවැති විවිධ ගැටළු නිසා රටහැර ගියා.අද මාර්ග තදබදයක් ඇති වෙලා.දරුවන් පාසල් වලට ඇතුළත් කරගැනීමට ගැටළු තිබුණා. මේවා මධ්‍යම පන්තියේ
    අවශ්‍යතාවන්ගේ ප්‍රසාරණයන්.

    දූෂණය විවිධ ආකාරයෙන් සිදුවෙනවා.විවිධ දූෂණ චෝදනා දේශපාලඝ්නයන්ට හා නිලධාරීන්ට එල්ල වී තිබෙනවා.ඒ සඳහා යුක්තිය ඉටු වූවාද කියා සැක සහිතයි.තාක්ෂණික දූෂණය වැළැක්වීමට අවශ්‍ය කටයුතු කර යුතුයි.තාක්ෂණික පිලිවිතරයන් නිසා විශාල ව්‍යාපෘතිවල දූෂණ නිසා රටක ආර්ථිකයට එය බලපානවා.


    ජාවාරම්කාර පන්තිය නිලධාරීන්, පෞද්ගලික ක්ෂේත්‍රය ගිලගෙන තිබෙනවා.ආයතනික ව්‍යුහයක් මඟින් දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.දඬුවම් ලබා දීමේ නියමිත ක්‍රමයක් රටට අවශ්‍ය වී තිබෙනවා.නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනොත් විශ්වාසය බිදවැටුනොත් ,නීතිය නොවන මාර්ගවලට පෙළඹෙනවා.මෙවැනි දෑ ඉදිරියේ සිදු නොවීමට නීතිමය,ව්‍යවස්ථාමය තාක්ෂණික ව්‍යුහයක් සකස් කර මතුපරපුරට නීතිමය සමානාත්මතාවය ඇති සමාජයක් ඇතිකරගැනීමට කටයුතු කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya