මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාධීන පොලිස් කොමිසමක් පත් කර තිබෙනවා

    නොවැම්බර් 04, 2015

    19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ස්වාධීන පොලිස් කොමිසමක් පත් කර තිබෙන බවත් දැන් කිසිවෙකුටවත් පොලීසියට නියෝග දිය නොහැකි බවත් සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (04) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිසුන්ට මහජන නියෝජිතයන් හමුවිමට ඒමට නොහැකි ලෙස පොලීසිය, හමුදාව යොදවා බාධා කර ඇතැයි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ ආරක්ෂක අංශවලින් විමසීමක් කළ බවත් අද (04) පාර්ලිමේන්තුවේ දී කරුණු පහැදිළි කරමින් කතානායක කරූ ජයසූරිය මහතා  ප්‍රකාශ කළේ ය.

     


    දැන් පොලීසිය ස්වාධිනයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වාගේ නොවේ.කිසිම කෙනෙකුට පොලීසියට නියෝග කරන්න බෑ. දැන් පොලිස් කොමිසමක් තිබෙනවා, සියල්ල ස්වාධීනව සිද්ධ වෙනවා.අපි අලුත් සංස්කෘතියක් ගොඩනගන්න හදන්නේ යැයි සභානායකවරය පැවසී ය.

     

    මෙහිදී අඳහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුව තුළ හමුදාව හා පොලීසිය සිටී නම් දැනුම් දීම උවමනයි.පොලීසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ.පොලීසියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕනෑ යැයි ද පැවසී ය.

     

    ''බරපතල චෝදනාවක් කළා, මම හමුදාව ගෙනාවා කියලා.මට හමුදාව ගෙන එන්න කිසිදු හේතුවක් නෑ.ආරක්ෂක හමුදාව ක්‍රියාකළ යුතු ආකාරය තීරණය ගන්නේ ආරක්ෂක හමුදාවයි.බොරු චෝදනා කරන්න එපා.මම ඒ පිළිබඳව කණගාටු වෙනවා.මෙතැන කවුරුත්
    නියෝග දී නෑ.අනවශ්‍ය චෝදනා කරන්න එපා.එය ඉතාමත් අසාධාරණයි''යැයි කතානායක කරූ ජයසූරිය
    මහතා ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් කියා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya