මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිසුන්ගේ ඉල්ලීම් ලබාදීම ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ -අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

    නොවැම්බර් 03, 2015

    සිසුන්ගේ ඉල්ලීම් ලබාදීම ගැන කිසිදු ප්‍රශ්නයක් නෑ.සාකච්ඡාවට එනවානම්,අගමැතිතුමා සහ අපි සාකච්ඡාවට සූදානම් යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ,උසස් තාක්ෂණ ගණකාධිකාරී පාඨමාලා සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ එම පාඨමාලාව පිළිබඳව සභාවට කරුණු පැහැදිළි කරමිනි.

    මේ චක්‍රලේඛය අහෝසි කළේ පසුගිය ආණ්ඩුවයි.දැන් අපි තීරණය කර තිබෙනවා, 46/90 චක්‍රලේඛය බලාත්මක කරන්න.සිසුන් පාරට බහින වෙලාවේ,සිසුන් දැනගෙන හිටියා,අපි මෙම චක්‍රලේඛය බලාත්මක කරන්න පියවර ගෙන තිබෙන බව.අපි නිර්දේශ කර තිබෙන දෙයක් ලබාගන්නට පෙළපාලි යන්නේ මොකට ද?මේක පිටිපස්සේ දේශපාලන හස්තයක් ඉන්නවා.

    එක්සත් ජාතික පක්ෂයයි නිදහස් අධ්‍යාපනය ගෙනාවේ.අපි එය ආරක්ෂා කරනවා.මේ අයවැයෙන් අධ්‍යාපනය වෙනුවෙන් වියදම හතර ගුණයකින් වැඩිකර තිබෙනවා.උසස් අධ්‍යාපනය වෙනුවෙන් සියයට 75%ක් වැඩිකර තිබෙනවා.සිසුන්ගේ ඉල්ලීම් ලබාදීම ගැන කිසිදු
    ප්‍රශ්නයක් නෑ.අපි ඉල්ලීමක් කරන්නේ සිසුන් සිවිල් නීති කඩ කරන්නේ නැතිව,සාකච්ඡාවට එනවානම්,අගමතිතුමා සහ අපි සාකච්ඡාවට සූදානම්.එහෙත් ආණ්ඩුව බය කර සිවිල් නීති කඩලා,අයිතිවාසිකම් ලබාදෙන්නේ නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya