මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රතුපස්වල දරුවන්ගේ ලේ ගෑවී නැති අයට පමණක් පිළිතුරු දෙන්න සූදානම්-උපාධි තත්ත්වය පසුගිය ආණ්ඩුවෙන් අහෝසි කළා

    නොවැම්බර් 03, 2015

    රතුපස්වල දරුවන්ගේ ලේ ගෑවී නැති අයට පමණක් තමන් පිළිතුරු ලබාදෙන බවත්,උසස් තාක්ෂණ ගණකාධිකාරී පාඨමාලා උපාධි තත්ත්වය පසුගිය ආණ්ඩුවෙන් අහෝසි කර ඇති බවත් එය සාකච්ඡා කර වෙනස් කරන්නට තීරණය කළ බවත් ශිෂ්‍ය නායකයින් මුණ ගැසීමට තමන් සූදානම් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයා මේ අඳහස් පළ කළේ අද (03)පාර්ලිමේන්තුවේ දී උසස් තාක්ෂණ ගණකාධිකාරී පාඨමාලාව හදාරන සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයේ පාර්ලිමේන්තුවේ දී අඳහස් දක්වමිනි.

     

    දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට ශිෂ්‍ය නායකයින් ඇතුළත් කරන්න අවශ්‍ය නම්,සංඛ්‍යාව කියන්න.නම් කියන්න.මමත්
    ඒ අය මුණ ගැහෙන්නම් කිසිම ප්‍රශ්නයක් නැතැයි මහජන මන්ත්‍රීවරු හමුවීමට ශිෂ්‍ය නායකයන්ට හා ශිෂ්‍යයන්ට අවස්ථාව ලබානොදී පොලිස් බාධක යොදා ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කීය.

     

    මේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මොකක්ද? විපක්ෂ නායකතුමා ඉන්නවා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඉන්නවා.විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා මේ ප්‍රශ්නය මතු කර තිබෙනවා.මොකක්ද මේ එකාබද්ධ විපක්ෂය කියන්නේ?එච්.එන්.ඩී.තීරණය ගත්ත අයයි,ඒකාබද්ධ විපක්ෂය කියන්නේ.මම මෙයට පිළිතුරු දෙන්නේ රතුපස්වල දරුවන්ගේ ලේ ගෑවී නැති අයට පමණයි.ඇයි ඒවා ගැන කතා කරන්නේ නැත්තේ.ඔය ශිෂ්‍ය නායකයින් ගේන්න මම ලැස්තියි, ඒ අය මුණගැහෙන්න.

    2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන් මෙය අහෝසි කළා.මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බාරගත්තට පස්සේ සාකච්ඡා කර අපි තීරණය කළා,ඒක වෙනස් කරන්න.මේ කෑගහන්නේ අර චක්‍රලේඛය ගෙන යන්න ඕන අයයි.ඒකාබද්ධ විපක්ෂය කියලා පුදුම සතෙක් ඇවිත් විපක්ෂය එක්ක හැප්පෙන්න හදනවායැයි අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya