මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බොරු චෝදනා කරන්න එපා-එය ඉතාමත් අසාධාරණයි-කතානායක

    නොවැම්බර් 03, 2015
    මට හමුදාව ගෙන එන්න කිසිදු හේතුවක් නෑ. බොරු චෝදනා කරන්න එපා.මම ඒ පිළිබඳව කණගාටු වෙනවා.මෙතැන කවුරුත් නියෝග දී නෑ.අනවශ්‍ය චෝදනා කරන්න  එපා.එය ඉතාමත් අසාධාරණයි යැයි කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
    මහජන මන්ත්‍රීවරු හමුවීමට ශිෂ්‍ය නායකයන්ට හා ශිෂ්‍යයන්ට අවස්ථාව ලබානොදී පොලිස් බාධක යොදා ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයා හමුවේ ප්‍රකාශ කළේ ය.එයට පිළිතුරු දෙමින් කතානායක කරූ ජයසූරිය මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.
    ඒක කතානායකවරයාගේ  වැඩක් නොවෙයි.බරපතල චෝදනාවක් කළා, දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, මම හමුදාව ගෙනාවා කියලා.මට හමුදාව ගෙන එන්න කිසිදු හේතුවක් නෑ.ආරක්ෂක හමුදාව ක්‍රියාකළ යුතු ආකාරය තීරණය ගන්නේ ආරක්ෂක හමුදාවයි.බොරු චෝදනා 
    කරන්න එපා.මම ඒ පිළිබඳව කණගාටු වෙනවා.මෙතැන කවුරුත් නියෝග දී නෑ.අනවශ්‍ය චෝදනා කරන්න  එපා.එය ඉතාමත් අසාධාරණයියැයි කතානායකවරයා ප්‍රකාශ කළේ ය.
    පොලීසියට පුළුවන් හමුදාව කැදවන්න.හමුදාව වෙනුවෙන් කිඹුල් කඳුළු හලන මිනිස්සු,අද හමුදාවට බනිනවා.ඇයි බනින්නේ?හමුදාවට බැනපු එක අයින් කරගන්න.කණගාටුව ප්‍රකාශ කරන්නයැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya