මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 වනවිට ජලභීතිකා රෝගය අවසන් කිරීමට පියවර

    නොවැම්බර් 03, 2015

    ජලභීතිකා රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබෙන බවත් වසර 2020 වනවිට ජලභීතිකා රෝගය අවසන් කිරීමට අනෙකුත් අමාත්‍යාංශ සමඟ එකාබද්ධ කරමින් සැලැස්මක් ඇතිකර ඒ අනුව කටයුතු කරන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (03) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

     

    වර්ෂ 2010 සිට 2014 දක්වා වර්ෂ 05ක කාලය තුළ ජලභීතිකා රෝගය වැළඳුනු ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වසර 2010 දී 49ක්,වසර 2011 දී 41ක් වසර 2012 දී 38ක් වසර 2013 දී 28ක් වසර 2014 දී 19ක් වෙයි.

    ජලභීතිකාව වෙනුවෙන් වාර්ෂිකව රජය වැයකළ මුදල පිළිවෙළින් රුපියල් මිලියන 350,රුපියල් මිලියන 389ක් රුපියල් මිලියන 308,රුපියල් මිලියන 351,රුපියල් මිලියන 357 ලෙස වෙයි.


    ජලභීතිකා රෝගය පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා.ජලභීතිකාවට එරෙහිව සුනඛයන් එන්නත් කිරීම,සුනඛයින් පහළොස් ලක්ෂ තිස්තුන්දහස් තිස් දෙකක් එන්නත් කර තිබෙනවා.මානව එන්නත් තුන් ලක්ෂ එකළොස්දහස් දෙසිය පනස් පහක් එන්නත් කර තිබෙනවා.මානව මස්තු ලබාදීම 8396ක් ලබාදී තිබෙනවා.සුනඛ වන්ධ්‍යකරණය සැත්කම් 1,34943ක් කර තිබෙනවා.පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවායැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya