උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක්කි බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2015 වර්ෂයේ ගත වූ මාස 10 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 22432ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත
රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.
රටේ සිදුවන රිය අනතුරුවලින් වැඩියෙන් ම මිය යන්නේ තරුණ පුද්ගලයන් බවත් එය විශාල ප්‍රශ්නයක් බවත් පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ,ප්‍රජා වෛද්‍ය ඒකකයේ මහාචාර්ය සමත් ධර්මරත්න මහතා පවසයි.
ලුණු හා සීනි පරිභෝජනය අවම කිරීම සඳහා රටේ සෑම කෙනෙකුගේම මානසිකත්වය සකස් කළ යුතු බවත් රජය සෞඛ්‍ය සඳහා කෙරෙන ආයෝජනය වැඩි කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන කටයුතු කරන බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.