මෙය ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රියාවලියක්.ශ්‍රී ලාංකිකයන් විසින් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරන ක්‍රියාවලියක්.මෙය දෙමුහුන් ක්‍රියාවලියක් නොවේ.අපි තමයි හැම තීන්දුවක් ම ගන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
යෝජනාවලිය අපේ රටට හිතකර එකක්.එය කිසිලෙසකත් ජාත්‍යන්තරයට අවශ්‍ය ලෙස කළමනාකරණය කරන්නට රජය ඉඩ දෙන්නේ නෑ.අපේ රජයට අවශ්‍ය ලෙසයි කටයුතු කරන්නේ.දේශීය අධිකරණ ක්‍රියාවලිය තුළයි අපි සියලු දේ කරන්නේ යැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අපේ සක්‍යතාවන් සම්පූර්ණයෙන් පාවිච්චි කළ යුතුයැයි විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.