පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි පහකට අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා කටයුතු කළේ ය.
අපරික්ෂාකාරී සහ නොසැළකිල්ලෙන් රිය පැදවීමෙන් අනතුරු වැඩිවශයෙන් සිදු වන බවත් යතුරු පැදිවලින් සිදුවන මරණ ඉහළ ගොස් තිබෙන බවත් සෙනසුරාදා සහ ඉරිදා දිනවල අනතුරු සිදුවීම වැඩියෙන් වාර්තා වී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පති (රථවාහන ) අමරසිරි සේනාරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකාව හොඳ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අත්‍යවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් අලුතින් සිතන්නට අවශ්‍ය බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ය.
අපි මේ වසරේ දිනපොත් මුද්‍රණය කිරීම සහමුලින් ම අවසන් කරලා,එක තඹ ශතයක්වත් වියදම් කරන්නේ නැතිව,එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතිව, ඒ සියලු අරමුදල් මේ රටේ ගෙවල් හදන ව්‍යාපෘතියට යොදවා තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.