මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිනපොත් මුද්‍රණය කිරීම සහමුලින් ම අවසන් කරලා,ඒ සියලු අරමුදල් මේ රටේ ගෙවල් හදන ව්‍යාපෘතියට යොදවා තිබෙනවා

    ඔක්තෝබර් 20, 2015

    අපි මේ වසරේ දිනපොත් මුද්‍රණය කිරීම සහමුලින් ම අවසන් කරලා,එක තඹ ශතයක්වත් වියදම් කරන්නේ නැතිව,එක රුපියලක්වත් වියදම් කරන්නේ නැතිව, ඒ සියලු අරමුදල් මේ රටේ ගෙවල් හදන ව්‍යාපෘතියට යොදවා තිබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ වාචික පිළිතුරු අපේක්ෂා කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.එවකට පැවති ඉදිකිරීම්,ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයට හා ඒ යටතේ පැවති දෙපාර්තමේන්තු සහ ආයතන සඳහා 2015 වර්ෂය සඳහා දිනපොත් හා කලන්ඩර් මුද්‍රය කිරීම සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න යොමු කර තිබුණි.


    ගෙවල් හදලා දීමට තිබෙන මුදල්, නිවාස ණය ලබාදීමට තිබෙන මුදල්,නිවාස ආධාර හැටියට ලබාදීමට තිබෙන මුදල්,එකතු කරලා, දිනපොත් මුද්‍රණය කරලා,අඩු ම තරමින් ඒ දිනපොත්වත් ඒ ආයතනවලට ගිහිල්ලා නෑ.මේ සම්බන්ධව අංග සම්පූර්ණ පරීක්ෂණයක් අභ්‍යන්තරව සහ බාහිරව කරගෙන යනවා.මේ වෙනුවෙන් හයිබ්‍රිඩ් පරීක්ෂණයක් කරනවා.

    මිලියන 140ක් එකතු කරලා, ගෙවල් හදනවා වෙනුවට,නිවාස ණය දෙනවා වෙනුවට,නිවාස ආධාර දෙනවා වෙනුවට,කරලා තියෙන්නේ ඩයරි මුද්‍රණය කර එකයි''යැයි අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya