මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව හොඳ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අත්‍යාවශ්‍යයි- මුදල් අමාත්‍ය

    ඔක්තෝබර් 20, 2015

    ශ්‍රී ලංකාව හොඳ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට අත්‍යවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් අලුතින් සිතන්නට අවශ්‍ය බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ය.

    දේශීය ආදායම් (සංශෝධන ) පනත් කෙටුම්පත,එකතු කළ අගය මත බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත, ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන ) පනත් කෙටුම්පත,ආර්ථික සේවා ගාස්තු (සංශෝධන ) පනත් කෙටුම්පත සහ ඔට්ටු ඇල්ලීම හා සූදු බදු (සංශෝධන ) පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා අද (20) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසී ය.

     

    ජනවාරි අටවෙනිදා මේ රටේ අලුත් ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වුනා.අද ජාතික ස්වරූපයකින් ජාතික ආණ්ඩුවක් හදලා තිබෙනවා.රටේ මාස 11 තුළ රටේ ආර්ථිකය හුගාක් දුරට දෝලනය වී තිබෙනවා.අප ලබාගත් ආර්ථිකය ලෙහෙසි පහසු ආර්ථිකයක් නොවේ.

     

    කඩා වැටිලා, ඝාතනය වී තිබුණු ආර්ථිකයක් අපි බාරගත්තේ.අවාසි දායක තත්ත්වය ඉතාම වැඩියි.මේ ආර්ථිකය කොහොමද හදන්නේ කියන එකයි අපේ අරමුණ. තව දවස් තිස් පහකින් නව රජයේ අයවැය වාර්තාව ඉදිරිපත් කරනවා.දීර්ග සැලැස්මක් ඉදිරි දැක්මක් සහිතව ඉදිරිපත් කරනවා වගේ ම,යෝග්‍ය ලෙස සළකන්නේ.

     

    වැඩි කරන ආදායමයි අද පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නේ.මේ රට දුවන්නේ ජනතාව පත් කළ ආණ්ඩුවකින්.අපට අවශ්‍ය වන්නේ ජනතාවගේ සල්ලි ජනතාවට නැවත බෙදලා දෙන්නයි.මේක එක් අයෙක්ගේ දෙන්නෙක්ගේ සාක්කුවට යන්නේ නෑනේ.එයට උදව් කරන්න.මෙවගෙන් ලැබෙන ආදායම පඬිගෙවන්න අත්‍යාවශ්‍යයි.මේ පිළිබඳව කණ්ඩායමක් ලෙස හිතලා කටයුතු කරනවා.ගෙවන්න පුළුවන් සියලු දෙනාම රට වෙනුවෙන් ගෙවන්න.

     

    ශ්‍රී ලංකාව හොඳ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන්න අත්‍යවශ්‍යයි.මේ රට හදන්න අවශ්‍යයි. අලුතින් හිතන්න අවශ්‍යයි.අපට අවශ්‍ය ආදායම් වැඩි කරන මාර්ගයි.ආර්ථිකය ප්‍රසාරණය කරන්න අවශ්‍යයි.ඒ තුළින් රටහදන්න ඕන යැයි ද මුදල් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya