මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් සැරයන් ගුණතිලකගේ අතුරුදහන්වීම පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදු කරන්න - ජනපති

    ඔක්තෝබර් 21, 2015

    වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් ගුණතිලක මහතාගේ අතුරුදහන්වීම පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දුන්නේ ය.

    නිදන් හෑරීමේ සිද්ධිය පිළිබඳ කට උත්තරයෙන් පසු පොලිස් සැරයන්ට මොකද වුණේ, අනේ ජනාධිපති මාමේ අපිට අපේ තාත්තාව සොයා දෙන්න, මැයෙන් පසුගිය ඉරිදා ජාතික පුවත්පතක පළවූ වාර්තාව පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිතුමා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත මෙම උපදෙස් ලබා දුන්නේ ය.

     

    අදාළ නිළධාරියා පසුගිය අගෝස්තු මස 07 වන දින නිවසට යන බව පවසමින් වව්නියාව පොලිස් ස්ථානයෙන් පැමිණ ඇති අතර ඉන් පසුව ඔහු පිළිබඳ කිසිඳු තොරතුරක් නොමැති බව එම මාධ්‍ය වාර්තාව තුළින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

     

    මේ පිළිබඳ කඩිනම් විශේෂ පරික්ෂණයක් පවත්වා තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් උපදෙස් ලබා දුන් අතර ඒ අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මේ වන විට අදාළ පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

     

    pmu/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya