අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරික්ෂාකාරී සහ නොසැළකිල්ලෙන් රිය පැදවීමෙන් අනතුරු වැඩිවශයෙන් සිදුවෙනවා

    ඔක්තෝබර් 20, 2015

    අපරික්ෂාකාරී සහ නොසැළකිල්ලෙන් රිය පැදවීමෙන් අනතුරු වැඩිවශයෙන් සිදු වන බවත් යතුරු පැදිවලින් සිදුවන මරණ ඉහළ ගොස් තිබෙන බවත් සෙනසුරාදා සහ ඉරිදා දිනවල අනතුරු සිදුවීම වැඩියෙන් වාර්තා වී තිබෙන බවත් නියෝජ්‍ය පොලිස්පති (රථවාහන ) අමරසිරි සේනාරත්න මහතා පවසයි.


    අනතුරු වැළැක්වීම පිළිබඳව ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ පැවසී ය.සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී අද(20) මාධ්‍ය සම්මන්ත්‍රණය පැවැත්විණි.

    පසුගිය වසර දහය තුළ පුද්ගලයන් 24,261ක් රිය අනතුරු හේතුවෙන් මරණයට පත්වතිබෙනවා. 2015 සැප්තැම්බර්
    30 දිනටඅනතුරු 2171ක් සිදු වී ඇති අතර මරණ 349කින් ඉහළ ගොස් තිබේ.ඉන් 5359ක් බරපතල තුවාල ලෙස වාර්තා වෙනවා.අගෝස්තු 8 දින සිට වේගසීමා නීතිය ක්‍රියාත්මක වීම නිසා මාර්ග අනතුරු අඩු වී තිබෙනවා.

    මාර්ග අනතුරු වැඩි වශයෙන් සිදු වන බවට වාර්තා වන්නේ, සවස 6ත් 8ත් කාලසීමාවයි.දැන් කොළඹ නගරයේ පාර පනින අයට පන්ති තියනවා.ඒ නිසා 2012 වසරේ සිදු මරණ 92ක් මේ වනවිට එය 52කට අඩු කරගන්න හැකි වුණා.කොළඹ නගරයේ ලක්ෂ 04කට
    පන්ති තියලා දැනුවත් කර තිබෙනවා.අපරික්ෂාකාරී සහ නොසැලකිල්ලෙන් රිය පැදවීමෙන් අනතුරු වැඩිවශයෙන් සිදු වෙනවා.

    2015 සැප්තැම්බර් 30 දිනට ත්‍රීවීල් රියදුරන් 91ක් මරණයට පත්වෙලා. ත්‍රීවීල් මඟීන් 193ක් මරණයට පත්වෙලා.ඒ අතර වයස අවුරුදු 2 දරුවන් 13ක් සිටිනවා.අනතුරුවලින් වැඩිවශයෙන් මිය යන්නේ වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්.

    ත්‍රීවීල් රියදුරන්ටත් ගමන් කරන්නටත් ආසන පටි අවශ්‍යයි.විශෙෂයෙන් ම සෙනසුරාදා සහ ඉරිදා දිනවල අනතුරු බහුලව සිදුවන බවට වාර්තා වී තිබෙනවා.රාත්‍රී කාලයේ අනතුරු වැඩියි.යතුරු පැදිවල හැපී පදිකයන් 192ක් මරණයට පත්ව තිබෙනවා.ත්‍රීවිල් රථ නිසා මරණ
    63ක් සිදුව තිබෙනවා.

    වසර 2014 වඩා යතුරු පැදි අනතුරු මරණ 147කින් වැඩී වී තිබෙනවා.යතුරු පැදි අනතුරු නිසා මරණ 815ක් වාර්තා වෙනවා.හිස් ආවරණ නොමැතිව මරණ 277ක් වාර්තා වී තිබෙනවා.මෙය බරපතල ගැටලු කාරී තත්ත්වයක්. පසුගියදා මේ සම්බන්ධයෙන් යතුරුපැදි කරුවන් දැනුවත් කිරීමට ද සිදු කළා යැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya