අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

    ඔක්තෝබර් 21, 2015

    පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි පහකට අත්හිටුවීමට කතානායක කරූ ජයසූරිය මහතා කටයුතු කළේ ය.

    පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (20) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නම වැරදි ආකාරයෙන් ප්‍රකාශ කළා යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් අමාත්‍ය රවී කරුණානායක මහතා කළ ප්‍රකාශයත් සමඟ සභාවේ කටයුතු උණුසුම් විය.


    පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට සභාවෙන් ඉවත් වන්නැයි දිගින් දිගටම විරුධතා එල්ල කළේ ය.මේ සම්බන්ධයෙන් තමන්ට සිදු වූ වරද පිළිබඳව සභාව දැනුවත් කර නිවැරැදි කළ බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ය.

     

    සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමෙන් අනතුරුව යලි මීට සුළු මොහොතකට පෙර සභාවේ කටයුතු ආරම්භ විය.

    ඉන් පසුව අඳහස් දක්වමින් ප්‍රකාශයක් කළ බන්දුල ගුණවර්ධන මහතා, සිදු වූ වරද නිවැරැදි කිරීමට ඊයේ කටයුතු කළා.කිසිම වැරදි චෙතනාවකින් කළේ නෑ යැයි පැවසී ය.

    මෙය අවසන් කර ප්‍රධාන කටයුතු සඳහා යා යුතු බවත් දිනකට ලක්ෂ හතළිස් හයක් යනවා.ඒ නිසා කටයුතු කරගෙන යමු යැයි කතානායක කරූ ජයසූරිය මහතා පැවසී ය.

    මේ සම්බන්ධයෙන් කටයුතු කරලා, මේ ගැන ඔබ තුමාට ඉදිරිපත් කරන්නේ, මෙය සජීවිව ගිය නිසා යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya